දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාවෙන කාල සීමාවක් තුළ ජීවත් වන අපට , නූතන ලෝකයේ ළමා අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ අසාමානතාවය හෙළිදරව් කරන සිද්ධීන් දෙකක් පිළිබඳ කෙරෙන විමසුමයි මේ.
2021 -2024 කාලය තුළ සිදුවූ ළමා ඝාතනයන් දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් ය.එකක් නම් බ්‍රිතාන්‍යයේ සාරා නම් දස හැවිරිදි දැරියගේ ඝාතනයයි. අනෙක ශ්‍රී ලංකාවේ දහසය හැවිරිදි ඉෂාලිනීගේ ඝාතනයයි.
මෙම සිදුවීම භූගෝලීය වශයෙන් රටවල් දෙකක සිදුවීම් වුවත්, සිදුවීමෙන් අනතුරුව රටවල් දෙක ම ක්‍රියාකළ ආකාරය පිළිබඳ විමසා බැලිය යුතුව ඇත. මෙම සිද්දීන් දෙම සංසන්දනය කිරීමේදී පැහැදිලි වන්නේ ළමා ආරක්ෂණය සහ යුක්තිය ක්‍රියාත්මක කිරීමේ දැවැන්ත පරතරයයි.
සාරාගේ ඝාතනය සම්බන්ධයෙන් සළකා බැලුවහොත්, දීර්ඝ කාලීන වදහිංසනයට ගොදුරුවන සාරා 2023 අගෝස්තු 10 වන දින මිය යනවා. මිය යන විට ඇයගේ සිරුරෙහි තුවාල 70කට වැඩි සංඛ්‍යාවක් තිබී ඇති බවට ද වාර්තාවනවා.
මෙම සිදුවීමෙන් පසු බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතිය ක්‍රියා කරනු ලබන්නේ ඉතා විශේෂ වූ කාර්‍යක්ෂමතාවයකිනි. මෙහිදී සිද්ධියට අදාළ සැකකරුවන් මාසයක් ඇතුළත අත්අඩංගුවට ගැනීම, ඇප ලබා නොදීම, සති දෙකක් ඇතුළත නඩු විභාගය අවසන් කිරීම, දෙමව්පියන්ට දැඩි සිර දඬුවම් නියම කිරීම. එමෙන්ම වඩාත් වැදගත් වන්නේ මෙම සිධියෙන් පසු බ්‍රිතාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වූ ආකාරයයි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නව ළමා ආරක්ෂන පනතක් හඳුන්වාදීම,සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අඩුපාඩු හඳුනාගැනීම, වැරදි නිවැරදි කරගැනීමට ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම වැනි ක්‍රියාමාර්ගයන් ඔවුන් විසින් ගනු ලැබීය. මෙහි ප්‍රථිපලයක් ලෙස 2024 දෙසැම්බර් 17 සාරාගෙ පියාට වසර 40කට නොඅඩු ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් සහ සුලු මවට වසර 33කට නොඅඩු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වනවා.
ඉන් අනතුරුව අවධානය යොමු කළ යුතු සිදුවීම වන්නේ ශ්‍රී ලංකාවේ ඉෂාලිනීගේ සිදුවීමටයි. ඉෂාලිනී වයස අවුරුදු 16 ක දැරියක් වන අතර හැටන් ප්‍රදේශයේ පදිංචිකාරියකි. 2021 ජූලි මස 3 වන දින, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී ඇය, පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 15 වන දා දැඩි සත්කාර ඒකක අංක 2 හි 73 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇයගේ තුවාල හේතුවෙන් ඇය මිය ගියාය.
ඉන්පසුව, අංක B/52944/2/21 දරන ඇයගේ නඩුව අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍ර සූරියා මියගිය දැරියගේ දේහය නිරීක්ෂණයට කොළඹ ජාතික රෝහලට පැමිණි අතර, පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන ලදි. ඇයගේ සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව අනාවරණය වුයේ ඇය දීර්ඝ කාලීනව අපයෝජනයට ලක්කර ඇති අතර පිළිස්සීම් වලට ද ලක්ව ඇති බවයි.
නමුත් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ අකාර්‍යක්ෂමතාවය පෙන්නුම් කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම මාස කිහිපයකින් ප්‍රමාදවීම, සියලු සැකකරුවන් ඇප මත මුදාහැරීම, වසර තුනකට පසුවත් නඩු විභාගයක් නොමැතිවීම, විමර්ශනය තවමත් අවසන් නොමැති වාතාවරණයක් පෙන්නුම්කරනු ලබයි.
මෙහිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිචාරය දුර්වල මට්ටමක පැවතීම මෙම සිදුවීමේදී විශේෂයෙන්ම දක්නට ලැබුනු තත්වයකි. ළමා ශ්‍රමිකයින් සම්බන්ධයෙන් දැඩී නීති රාමුවක් ශ්‍රී ලංකාවෙ නොමැති වන මොහොතක වුවත් ළමා ශ්‍රමය තවදුරටත් පැවතීම, ප්‍රකාශිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොවීම සහ සමාන සිද්ධීන් නැවත ඇතිවීම රාජ්‍ය තන්ත්‍රය මේ සම්බන්ධයෙන් තීරණගැනීමේ අපහොසත්භාවය පෙන්නුම් කරයි.
මෙම සිද්ධීන් දෙක සංසන්දනය කිරීමෙන් පැහැදිලි වන්නේ ළමා ආරක්ෂණය සහ යුක්තිය ක්‍රියාත්මක වීමේ දැවැන්ත පරතරයයි. දරුවෙකුගේ ජීවිතයේ වටිනාකම රටෙන් රටට වෙනස් විය යුතු නොවේ. නමුත් ආයතනික කාර්යක්ෂමතාව, දේශපාලන කැපවීම සහ නීතියේ ආධිපත්‍යය වැනි සාධක මත යුක්තිය ක්‍රියාත්මක වීමේ වේගය සහ ගුණාත්මකභාවය රඳා පැවතිය යුතු බව සනාථ වෙයි.
සිදුවීම් සම්බන්ධයෙන් දත්තයන් ලබාගැනුනේ තුෂාරා වික්‍රමනායකගේ ෆේස්බුක් පිටුවෙනි.
සටහන් – අනුදි නිසල්යා වීරසිංහ