ETCA අත්සන් කළා ද?

Won't Allow Our Land To Be Used Against India's Interests': Sri Lankan President Dissanayake In Delhi

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු නිල විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරාගත් අතර තෙදින නිල සංචාරයකින් අනතුරුව ඊයේ (17) වන දා නැවත මෙරටට පැමිණියා. ඉන්දියානු සංචාරයේදී  ජනාධිපති අනුර දිසානායක මහතා පිළිගැනීම සඳහා ඉන්දීය අගමැති අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ එරට ජනාධිපතිනිය වන දෟපති මුර්දු මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රකයින් රැසක් එක්ව සිටියහ.

එමෙන්ම ජනපති අනුර දිසානායක සහ  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක් 16 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නිල රැස්වීම් ස්ථානය වන හයිද්‍රාබාද් මන්දිරයේදී පැවැත්විය.

මෙහිදී මූලිකවම සාකච්ඡා කළ කරුණු අතර ආරක්ෂක සහ බලශක්ති සහයෝගීතාවය, ආර්ථික ආධාර සම්බන්ධයෙන්,ඩිජිටල් යටිතල පහසුකම්, ධිවර සහ දමිළ සංහිඳියාව වෙයි. මෙහිදී මූලිකවම අවධානය දිය යුතු කරුණ නම් ඉන්දීය වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් මෙම සංචාරය තුළ කරුණු ඉදිරිපත් වී තිබේද යන්නයි. මෙම සාකච්ඡා සිදුවන අතරතුර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි සහ විපක්ෂයෙහි ද දීර්ඝ මත ගැටුම් මෙම ETCA හෙවත් ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සිදුවිය.

එහෙයින් පළමුව ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම යනු කුමක්ද, එයින් මෙරටට ඇතිවන වාසි සහ අවාසි මොනවා ද යන්න සොයාබැලීමක් සිදුකළ යුතුය.ඉන්දු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම, විශේෂයෙන්ම ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA), 1998 දී අත්සන් කර 2000 දී ක්‍රියාත්මක කළ අතර  එම ගිවිසුම මඟින්  වෙළඳ බාධක අඩු කිරීම සහ භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සැලසීම මඟින්  ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි. රටවල් දෙකක්. කාලයාගේ ඇවෑමෙන්, මෙම සහයෝගීතාවය පුළුල් කිරීම සඳහා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) වැනි අතිරේක ගිවිසුම් යෝජනා යෝජනා මඟින් දක්වා ඇත.

මෙම ගිවිසුම මඟින්  මෙරටට අත්වන වාසි අතර මූලිකවම වෙළඳපල ප්‍රවේශය, ආර්ථික විවිධාංගීකරණය, තාක්ෂණ හුවමාරුව රාජ්‍යතාන්ත්‍රික සබඳතා මේ අතර මූලික වාසි තත්වයන් ලෙස දැක්විය හැකිය.

ඒ අතරම ශ්‍රී ලංකාවේ වැඩි අවධානය යොමු වී ඇත්තේ මෙම ගිවිසුමෙන් මෙරටට අත්වන අවාසි සහගත තත්වයන් පිළිබඳවය. එය මෙම වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව දැරු මතය විය. මෙම ගිවිසුමෙහි අවාසි සහගත කරුණු ලෙස දැක්විය හැකි මූලිකම කරුණු වන්නේ වෙළඳපළ අසමතුලිතතාවය, දේශීය කර්මාන්ත සඳහා ඇතිවන තරගය, ඉන්දියානු භාණ්ඩ මත යැපීමට සිදුවීම, සීමිත අපනයන පදනම සහ සේවා වෙළඳාම ලිබරල්කරණය ද දැක්විය හැකිය.

වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා  මෙම ඉන්දීය  ගිවිසුම සම්බන්ධයෙන් ආරම්භයේ සිටම  විරුද්ධත්වය ප්‍රකාශ කර තිබූ අතර ඔහුගේ විරෝධතා මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ස්වෛරීභාවයට ඇති විය හැකි ඍණාත්මක බලපෑම් පිළිබඳ අදහස මුල් විය. මේ හේතුවෙන් ඔහු මෙම ගිවිසුම සමඟ ආරම්භයේ සිටම එකඟ නොවුනි.

නමුත් මෙවර ඔහුගේ ඉන්දීය සංචාරයත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි සහ ජනපති අනුර ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් නැවත සාකච්ඡාවක් කරළියට ගෙන තිබීම විශේෂිත වන අතර ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙහි අඩංගු වූ කරුණු කිහිපයක්  ඔවුන් අතර සාකච්ඡා වී තිබීම දක්නට පුලුවන. නමුත් ඔහු එම ගිවිසුම සම්බන්ධයෙන් එකඟ වූ බවට හෝ අත්සන් කිරීම සම්බන්ධයෙන් වූ කිසිදු කරුණක්  මෙම සාකච්ඡාවේදී සිදුකර නොමැත. විශේෂයෙන් ම එමෙන්ම  කලාපීය ස්ථාවරත්වය සහතික කරමින් සහ ඉන්දියාවේ ආරක්‍ෂක ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ භූමිය ඉන්දියාවට එරෙහිව භාවිත නොකරන බවට ජනාධිපති දිසානායක මහතා මෙම සාකච්ඡාවේදී  සහතික වී ඇත.මේ වන විට ඉන්දියාව සහ ලංකාව අතර ඒකාබද්ධ ගිවිසුමක් නිකුත් කර ඇති අතර එහිද මෙම ගිවිසුම අත්සන් කිරීම සම්බන්දයෙන් හෝ එම කරුණු ඍජු ආකාරයෙකින් දක්වා නොමැති බව  දැකගත හැකිය.

https://www.mea.gov.in/press-releases.htm?dtl/38797/India__Sri_Lanka_Joint_Statement__Fostering_Partnerships_for_a_Shared_Future ( ඉන්දියාව සහ ලංකාව ඒකාබද්ධ ගිවිසුම)

නමුත් විපක්ෂය දිගින් දිගටම අනුර දිසානායකගේ වර්තමාන ඉන්දීය හිතෛශී ප්‍රතිපත්තිය සහ එතුළින් මෙම නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ගන්නා අවසන් තීරණය ප්‍රශ්න කරමින් සිටියි.

 කෙසේ නමුත්  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජනපති අනුර දිසානායක මහතා ඉන්දු ලංකා සහයෝගීතාවය තව දුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද ETCA ගිවිසුම සමඟින් ඉදිරියට යාම යාම පිළිබඳව තමන්  ජනපති අනුරට ප්‍රශංසා කරන බවට එහි දක්වා ඇත.

 

කෙසේවෙතත් ජනපති අනුර, ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය කෙසේවේද යන්න සියුම්ව සළකා බැලීම වැදගත් වෙයි.

සටහන- අනුදි නිසල්යා වීරසිංහ 

Social Sharing
අවකාශය නවතම පුවත්