ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව

president anura kumara india tour

ජනාධිපතිවරයාගේ ඉන්දියාවේ සංචාරය ඉතාම සාර්ථක බවයි මට හිතෙන්නේ. විදුලි රැහැන්, තෙල්නල හා පාලම් ඉදිරි කිරීම සම්බන්ධව ඉන්දියාවේ දී අත්සන් කළ ගිවිසුම් ශ්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් වේවි.

ලංකාවේ තිබෙන බලශක්ති අර්ඹුදයට සාර්ථකව විසදුමක් ඉන්දියාව සමග ගිවිසුම් ගත වීමයි. සමහර අවස්ථාවල දී අපිට අවශ්‍ය වන අතිරික්ත විදුලිය අපිට ඉන්දියාව හරහා එන කේබල් පද්ධතිය හරහා ලබා ගැනීමට හැකි වේවි. දැනුත් අපි වැඩිපුර ඉන්ධන ආනයනය කරන්නේ ඉන්දියාවේ. ඒව දැන් එන්නේ නැව් වලින්. මේ ගිවිසුම හරහා අපිට තෙල් නල මගින් ගෙන්න ගන්න පුලුවන්. නමුත් ප්‍රශ්ණය තියෙන්න මන්නාම සිට ත්‍රිකුණාමලයට මෙම තෙල් රැගෙන ඒමයි.

ඉන්දියාව වේගයෙන් සංවර්ධනය වෙන රටක්. එමෙන්ම, ඉන්දියාව තුළ ඉතා වේගයකින් සංවර්ධනය වෙන ප්‍රාන්තයත් වන්නේ අප ආසන්නයේ පිහිටා ඇති තමිල්නාඩුවයි. මේ වන විට වාහන නිෂ්පාදනය චෙන්නායි වලටත්, ස්මාට් ෆොන් සැකසීම ඇතුළු විශාල කර්මාන්ත තමිල්නාඩු ප්‍රාන්තය වෙතත් ගෙනවිත් තිබෙනවා. ඒ නිසා, ඉන්දියාවෙ මෙම වේගවත් නිෂ්පාදනය ක්‍රියාවලියට අපිටත් කැමති නම් විවිධාකාරයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්.

මේ සම්බන්ධව SLVOGE හි බෘෘනෝ දිවාකර සමග මහචාර්ය රොහන් සමරජීව මහතා කරණු ලබන සම්පුර්ණ සාකච්ඡාව පහත ලින්කුව ඔස්සේ නරඹන්න.

Social Sharing
ආර්ථික නවතම පුවත්