මෙම (2024) වසරේ තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.5%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ කර්මාන්ත අංශයේ 10.8%ක වර්ධනයයි. කෘෂිකාර්මික අංශය 3.0%කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශය 2.6%කින් වර්ධනය වී තිබෙනවා.
වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5.3%කින් වර්ධනය වූ අතර, දෙවන කාර්තුවේදී 4.7%කින් වර්ධනය වුනා. සමස්තයක් ලෙස, පළමු කාර්තු තුන ඇතුළත, රටේ ආර්ථිකය 5.2%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
මෙම ප්‍රවනතාව අවසන් කාර්තුව තුළද මෙලෙසම පැවතියහොත්, වසර තුළ 5% ඉක්මවන වර්ධන වේගයක් පවත්වා ගැනීම අපහසු කටයුත්තක් නෙමෙයි. අවසන් කාර්තුවේ වර්ධන වේගය අවම වශයෙන් 4.5% මට්ටමේ පැවතුනොත්, 2024 වසරේ ආර්ථික වර්ධන වේගය 5.0% මට්ටමට යනවා.
– ඉකොනොමැට්ටා