නූතන පටාචාරා කතාවස්තුවක් කන්තලේ, පෙරාරු ගමෙන් හමුවේ…!

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ අතුරුදහන්වී සිටින තම සැමියා ඇතුළු දරුවන් 5 දෙනෙකු සොයන මවක් අද දින (17) කන්තලේ පෙරාරු ගම්මානයේ දී හමු විය.

නාගම්මා නැමති මේ මව හමුවුයේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ කන්තලේ මානව හිමිකම් ප්‍රාථමාධර මධ්‍යස්ථාන හා එක්ව කන්තලේ පෙරාරු ගම්මානයේ පසුගිය කාලය තුළ අතුරුදහන් වූ සහ නීතියෙන් පිට සිදු වූ ඝාතනන්ට ලක්ව තවමත් යුක්තියක් ඉටු නොවූ පවුල් 26 ක් මූලික කර ගනිමින් පැවති නීති ආධාර වැඩසටහනක දී ය.

මේ වන විට 67 හැවිරිදි වියේ පසු වන නාගම්මා පවසා සිටියේ.., 1990 ජූලි 8 වන දින තම සැමියා ඇතුළු දරුවන් 5 දෙනා (ගැහැණු දරුවන් 4 ක් සමග පිරිමි දරුවා) අතුරුදහන්වන විට ඇය විදේශගතව සිටි බවත්, පවුලේ අය පිළිබදව අවසන් වරට විස්තරයක් ලබා ගැනීමට හැකි වුයේ ඔවුන් අතුරුදහන්වීමට මාසයකට පමණ පෙර තම සැමියා විසින් එවන ලද ලිපියකින් බවත් ය. ඇගේ සැමියා වන සොක්කලින්ගම් එම ලිපිය මගින් කියා ඇත්තේ, එහි පවතින තත්ත්වය හොද නැති නිසා, ඔවුන් සියළු දෙනා ආරක්ෂිත ස්ථානයක් කරා පිටව යන බවයි.

එතැන් පටන් තම සැමියා ඇතුළු පවුලේ කිසිවෙකු ගැන කිසිදු තොරතුරක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බව ඇය පැවසීය. මෙම සිදුවීමනේ පසුව ඇය ලංකාවට පැමිණ මෙම සිදුවීම පිළිබදව මොරවැව පොලීසිය ඇතුළු ස්ථානයන් වෙත පැමිණිලි කළ බවත්, මේ වන විට වසර 35ක් ගෙවී ඇතත්,  තම පවුලේ අයට සිදු වූ දේ පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බවත් ඇය පැවසීය.

අද පැවති නීති ආධාර සේවය සදහා මෙතෙක් කිසිදු රාජ්‍ය ව්‍යුහයකට හෝ විශේයෙන්ම අතුරුදහන් වූවන්ගේ කාර්යාලය වෙත හෝ පැමිණිලි නොකළ අතුරුදහන්වූ පවුල් වල සමාජිකයින් වැඩි පිරිසක් පැමිණි සිට ඇත. මෙතෙක් එසේ කිසිදු ආයතනයකට පැමිණිලි නොකළ පිරිස් සදහා පැමිණිලි සැකසීම, අතුරුදහන් කාර්යාලය හා හනිපූර්ණ කාර්යාලය වෙත අදාල පැමිණිලි යොමු කිරීම සදහා අවශ්‍ය මූලික ලියකියවිලි සකසා දීම ඇතුළු නීති උපදෙස් ලබා දීම මෙම සේවාව හරහා සිදු විය.

මෙම නීති ආධාර සේවය සඳහා නීති උපදේශකයන් ලෙස නීතිඥ තිලකරත්නම් තුෂ්‍යාන්තන් මහතා, නීතිඥ ලක්ෂ්මි සුසිකුමාර් මහත්මිය ඇතුළු නීතිවේදීන්, මාධ්‍යෙව්දීන් හා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී තිබුනි.

Social Sharing
නවතම පුවත්