මෙවර ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දී …

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කොළඹ නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහයෝගීත්වය මත ලෝකයේ කීර්තිමත් පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනයක් වන, ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය (World Press Photo Exhibition 2025 )  වසර 21 කට පසු ශ්‍රී ලංකාවට ගෙන එනු ලබයි.

කොළඹ, යාපනය සහ ගාල්ල යන ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2025 ජනවාරි මස 10 වන දා සිට 20 වන දා දක්වා කොළඹ ආර්කේඩ් පරිශ්‍රයේදීත්, ජනවාරි 24 සිට 27 දක්වා යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් ජනවාරී 31 සිට පෙබරවාරි 02 දක්වා ගාල්ල නගරසභා ශාලාවේ දීත් ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය. ප්‍රදර්ශනය පෙ.ව.10.00 සිට ප.ව.7.00 දක්වා විවෘතව පවතී.

රටවල් 130ක ඡායාරූප ශිල්පීන් 3,851ක් විසින් ඇතුළත් කිරීම් 61,000කට අධික සංඛ්‍යාවකින් තෝරාගත් ප්‍රබල ජනමාධ්‍ය ඡායාරූප පෙළක් ප්‍රදර්ශනයට එක්කර තිබීම විශේෂිතය. එමෙන්ම  මාධ්‍ය නිදහස සහ දෘශ්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරමින් රටවල් 24ක ඡායාරූප ශිල්පීන් 31 දෙනෙකුගේ නිර්මාණ මෙම වසරේ ප්‍රදර්ශනයට ඇතුළත් වෙයි.

ලොව පුරා සිටින ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සිත් ඇදගන්නා සුලු ඡායාරූප මෙන්ම ගෝලීය අර්බුද මෙන්ම එයින් ලෝකයට අත්වී ඇති ඛේදනීය ඉරණම පිළිබඳ විචාරාත්මක ප්‍රවේශයක් රූප මාධ්‍ය ඔස්සේ මෙම ප්‍රදර්ශනය මඟින් ඔබට දැකබලාගැනීමට අවස්ථාව උදාවනු ඇත.

 

Social Sharing
අවකාශය නවතම පුවත් විශේෂාංග