හිටපු කථානායක වන අශෝක රංවල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුවූ ආන්දෝලනය මත ඒ මහතා දෙසැම්බර් 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ අඩුම කාලයක් කථානයක ධූරය දැරූ කථානායකවරයා බවට අශෝක රංවල මහතා පත්වනවා.
ඔහුගේ ඉල්ලා අස්වීමත් සමඟ ආණ්ඩුවට බරපතල අභියෝග රාශියකට මුහුණදීමට සිදුවූ අතර ජාතික ජන බල වේගය ආණ්ඩුවක් ලෙස පත්වී මසක් ගතවන්නටත් පෙර ඔවුන්ගේ සුජාතභාවය පිළිබඳ ජනතාව තුළ කුකුසක් ඇති කිරීමට මෙම සිදුවීම සමත්වනවා. කථානායක ධූරයෙහි පුරප්පාඩුවත් සමඟම ආණ්ඩුවෙහි බොහෝ මන්ත්‍රීන්ගේ නම් නිල නොවන ආකාරයෙන් මෙම ධූරය සඳහා යෝජනාවීම ද සිදුවිය. මේ අතර සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී නව කථානායකවරයෙකු පත්කර ගෙන තිබෙන අතර ඔහු නමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ය.
නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභා නායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය.
මේ අතර සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර තිබුණි.
නමුත් අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායකවරයෙකු සඳහා නමක් යෝජනා නොකිරීමට ඔවුන් පියවර ගත්තේය.
ඒ අනුව 10 වන පාර්ලිමේන්තුවෙහි නව කථානායක ලෙස ජගත් වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇත.