ශ්‍රී ලකාවේ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද ගෘහ භාණ්ඩ නිර්මාණ සැලසුම් ප්‍රදර්ශනයක් Design In The Movement ලෙස දෙසැම්බර් 13 වන දා සිට 2025 මැයි මස 31 වන දා දක්වා කොළඹ හෝර්ටර්න් පෙදෙසෙහි පිහිටි The Bawa’s Place හි පැවැත්වේ.
ගෘහ නිර්මාණ ශිල්පයට අමතරව ,එකල පැවති සමාජ, ආර්ථික, පාරිසරික සහ සංස්කෘතික තත්වයන් ද බාවාගේ ගෘහ භාණ්ඩ සැලසුම් තුළින් මැනවින් විදහා දක්වයි. ස්කැන්ඩිනේවියානු මෝස්තර සහ බටහිර නිර්මාණකරුවන්ගේ අභාසය ලබාගනිමින් දේශීය අනන්‍යතාවය ද එකතුකරගත් විවිධ නිර්මාණ ශෛලීන්ට අයත් ගෘහ භාණ්ඩ මෙම ප්‍රදර්ශනය සඳහා එක්කර ඇත.
එමෙන්ම බාවාගේ ගෘහ භාණ්ඩ මූලාකෘති (Furniture Prototypes), එම නිර්මාණයන් සඳහා යොදාගත් ද්‍රව්‍ය සාම්පල ද ප්‍රදර්ශයට එක්කර තිබීම විශේෂිත ය. මෙම ප්‍රදර්ශයනය අපර්නා රාඕ සහ චන්න දස්වත්ත සංවිධානය කරන ලද ප්‍රදර්ශනයකි.