ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීම්

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපතිබවන් හී දී ආරම්භ වී තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතා පිළිගැනීම සඳහා ඉන්දීය අගමැති අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ එරට ජනාධිපතිනිය වන දෟපති මුර්දු මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රකයින් රැසක් එක්ව සිටියහ.

ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව ඔහු රාජ්ගාද් හී පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමට නියමිතය. අනතුරුව ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා පැවැත්වෙනු ඇත.අද පස්වරුවේ ජනාධිපතිවරයා සහ ඉන්දීය උප ජනාධිපතිරයා අතර හමුව පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති දෟපති මුර්දු මහත්මිය අතර සාකච්ඡා රාෂ්ඨපතිබවන් හී දී පැවැත්වෙනු ඇත.

ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ඊයේ (15) පස්වරු 5.30ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස රැගත් ගුවන් යානය ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වුණි.

එමෙන්ම එදිනම (15) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා, එරට මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත්දො වාල්මහත්ම මහත්මීන්ව අනුර දිසානායක ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවන් සිදුකර ඇත.

 

 

 

 

 

 

 

Social Sharing
අවකාශය නවතම පුවත්