මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් වන, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරන, හිමාලි අරුණතිලකට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කර තිබෙනවා.
ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා ධනරත්න යන අයට අයුතු ලෙස සැලකීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට ඩොලර් 117,028.80 ක දඩයක් ෆෙඩරල් අධිකරණය විසින් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ශ්‍රී ලාංකිකයෙකු වන අදාළ සේවිකාව, 2016 සිට 2018 දක්වා ඇයගේ කැන්බරා නිවසේ සේවය කර ඇති අතර, හිමාලි අරුණතිලක විසින් සිය සේවිකාවට නිසි ලෙස වැටුප් ගෙවා නොමැති බැවින් අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසයි.
ඊට අමතරව ප්‍රියංකා ධනරත්න යන අයට ඩොලර් 374,151.90 ක වන්දියක් ගෙවීමට ද මීට පෙර හිමාලි අරුණතිලකට නියෝග කර තිබෙනවා.