තවමත් උසාවියට යන අරගලයේ නඩු!

ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් මේ වන විට අරගලකරුවන් 3882 ක් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඒ සම්බන්ධ විමර්ශන 709 සිදුවෙමින් පවතිනවා.අද දින අරගලය සම්බන්ධ නඩු කිහිපයක් කැඳවීමට නියමිතව ඇති අතර ඒවා පහත පරිදි වේ.

  • 82169/22 – අලුත්කඩේ නිහඬ විරෝධතාව
  • 22123/22 – HNDE උද්ඝෝෂණය
  • 22236/22 – දින 50 නඩුව
  • 22365/22 – බුද්ධි අංශ නඩුව
  • 22362/22 – පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය
  • 22517/22 – ජනාධිපති ලේකම් කාර්යාලය
  • 22215/22 -කොටුව උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණය
  • 22394/22 – ජුනි 20 උද්ඝෝෂණය

මීට අමතරව 2022 දියත් වූ මහජන අරගලය මර්දනය කිරීම වෙනුවෙන් දිවයින පුරා අත්අඩංගුවට ගැනීම් 3882 කට වැඩි සංඛ්‍යාවක්  සිදු උනා. ඒ විමර්ශන 709 කට අදාලවයි. මෙම දත්ත 2022 වසරට අදාල ඒවා වන අතර යම් සැකකරුවන් නඩු වලින් නිදහස් කිරීම් සහ නව අත් අඩංගුවට ගැනීම් තිබිය හැකි අතර ඒවා යාවත්කාලීන කළ යුතු වනවා.

ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ වූ සැකකරුවන් ඉතාම අත්තනෝමතික පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර බොහෝ ඒවායේ නිසි චෝදනා ගොනු කිරීමක් හෝ සිදුව නැහැ. සමහර නඩුගොනු නීතිපති උපදෙස් වෙත යවා ඇති නමුත් බොහෝ කාලයක් උපදෙස් නොමැතිව සිරවී පවතිනවා.අත්අඩංගුවට පත්ව ඇති අය බොහෝ දෙනෙක් විදේශ ගත වීමේදී ඇතිවන බාධා, රැකියාවේදී ඇතිවන බාධා ඇතුළු නොයෙක් ගැටළු වලට ලක්ව සිටිනවා.

 

(අනුරුද්ධ බණ්ඩාරගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.)

 

 

 

Social Sharing
අවකාශය නවතම පුවත්