හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ මහතාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහ ගත්යැයි පවසමින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට හෝමාගම උසාවියෙන් නිර්දෝෂීයයි ඔප්පු වී තිබිය දී CID ය නඩු තීන්දුව මඟ හැරීමේ සිද්ධියක් වාර්තා වේ.
මෙම සිද්ධියට මුහුණ දුන් ඩිල්ෂාන් ශ්‍රී කාන්ත බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු කොළඹ ප්‍රදේශයේ සේවය කරයි. ඒ අනුව 2022 වසරේ මැයි මස නව වන දා ගෝල්ෆේස් අරගලයට (Gota go home) පහර දුන් දිනයේ මෙම තරුණයා සිය මිතුරෙක් සමඟ කොට්ටාව ප්‍රදේශයේ සිය ඥාතියෙකුගේ නිවසට යමින් සිටියදී ඔහු විසින් මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුම අසළ දැඩී වාහන තදබදයක් පවතින බව දැක ඇත. මේ නිසාවෙන්ම ඔහු සිය ජංගම දුරකථනයෙන් ෆේස්බුක් ලයිව් වීඩීයෝවක් ගැනීමට සිය දුරකථනය ද ගෙන එම කලබලය සිදුවන ස්ථානයට යමින් සිටියදී විශාල පිරිසක් එක් රථයක් වටකරගෙන පහර දෙන අයුරු ඔහු දැකගෙන ඇති අතර එම අවස්ථාවේ පුද්ගලයන් කීපයක් විසින් ජංගම දුරකථන ඉවත්කර ගන්නා ලෙස කෑගසා තිබේ. මේ නිසාවෙන්ම ඩිල්ෂාන් විසින් සිය ජංගම දුරකථනය ද රැගෙන නැවත ඔහුගේ මෝටර් සයිකලය වෙත පැමිණ තිබේ. එම අවස්ථාවේ අසළ සිටින පුද්ගලයෙක්ගෙන් ඔහු කළ විමසීමක දී මෙළෙස පහර දෙන්නේ හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ මහතාට බව දැනගෙන ඇත.
මෙම සිදුවීම වී මාසයකට පසුව එනම් මැයි මස 22වන ද මොහු හොමාගම ප්‍රදේශයේ පාරේ ගමන් කරමින් සිටියදී කැබ් රථයක් පැමිණ වාහනය ද හරස්කොට නවතා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් බවත් මැයි මස 09 වන දා සිද්ධිය සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව පවසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. පසුව දින 09ක් බන්ධනාගාර ගත කර ඇති අතර එහිදී ඔහු නිර්දෝෂි අයෙක් බවට ඔප්පු වී ඇත. හෝමාගම උසාවියෙන් නොවැම්බර් 25 වනදා ඔහුගේ ජංගම දුරකථනය නැවත භාරදෙන ලෙස නියෝග කළ බවට වාර්තා වේ. එහෙත් තවමත් අපරාධ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ ජංගම දුරකථන නැවත භාර දීමක් සිදු නොකර ඇති අතර මීළඟ නඩු වාරය 2025 වසරේ ජුනී මාසයේ පැවැත්වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල මානව හිමිකම් ප්‍රථමාධර මධ්‍යස්ථානය විසින් හෝමාගම පොලීසියට පැමිණිළි කර ඇත.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව මොනරාගල ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා මොනරාගල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.