දූෂිත මිග් යානා ගණුදෙනුවට හා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධව කපිල චන්ද්‍රසේන හා උදයංග වීරතුංග ඇතුළු පවුලේ සැමට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරමින් සම්බාධක පැනවුයේ ශ්‍රී ලංකා රජයේ දූෂණ මැඩලීමේ ක්‍රියාවලියට සහාය වීමක් ලෙසට බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය මල්වතු මහානායකය හිමියන් වෙත පවසා තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කර තිබෙන බවට දැක්වෙන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් මෙම කරුණු විමසා ඇත්තේ අමෙරිකානු තානාපතිනිය ඊයේ (11) මල්වතු මහනායක හිමියන් හවුවීමට පැමිණි අවස්ථාවේ දීය.
අමෙරිකානු රජය මඟින් සම්බාධක පනවා තිබෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට දූෂණ චෝදනා එල්ල වී තිබුණු බවත් වසරක පමණ කාලයක් තිස්සේ ඒ සම්බන්ධයෙක් කළ සොයා බැලීම්වලින් පසුව අදාළ තීරණයට එළැඹි බවත් ඇය අවධාරණය කර තිබේ. වංචාව හා දූෂණය පිටුදැකීම සඳහා ජනපති ප්රමුඛ වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළ සඳහා අමෙරිකාව උපරිම සහාය ලබාදෙන බව ද ඇය පවසා ඇත.
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සහ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමගාමීව අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම ක්‍රියා මාර්ගය ගනු ලැබ තිබේ.