උදයංගට හා කපිලට සම්බාධක පැනවුයේ දූෂණ මැඩලීමේ ක්‍රියාවලියට සහායක් වශයෙන් – ජූලි චන්ග්

දූෂිත මිග් යානා ගණුදෙනුවට හා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධව කපිල චන්ද්‍රසේන හා උදයංග වීරතුංග ඇතුළු පවුලේ සැමට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරමින් සම්බාධක පැනවුයේ ශ්‍රී ලංකා රජයේ දූෂණ මැඩලීමේ ක්‍රියාවලියට සහාය වීමක් ලෙසට බව ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­පතිනි ජුලී චන්ග් මහ­ත්මිය මල්වතු මහා­නා­යකය හිමියන් වෙත පවසා තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට ඇමෙ­රි­කා­වට ඇතුළු වීම තහ­නම් කර තිබෙන බවට දැක්වෙන මාධ්‍ය වාර්තා සම්බ­න්ධයෙන් මල්වතු මහා­නා­යක තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල මහ­නා­හි­මි­යන් මෙම කරුණු විමසා ඇත්තේ අමෙ­රි­කානු තානා­ප­ති­නිය ඊයේ (11) මල්වතු මහනායක හිමියන් හවුවීමට පැමිණි අවස්ථාවේ දීය.

අමෙ­රි­කානු රජය මඟින් සම්බා­ධක පනවා තිබෙන ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙ­නාට දූෂණ චෝදනා එල්ල වී තිබුණු බවත් වස­රක පමණ කාල­යක් තිස්සේ ඒ සම්බ­න්ධ­යෙක් කළ සොයා බැලී­ම්ව­ලින් පසුව අදාළ තීර­ණ­යට එළැඹි බවත් ඇය අව­ධා­ර­ණය කර තිබේ. වංචාව හා දූෂ­ණය පිටු­දැ­කීම සඳහා ජන­පති ප්‍රමුඛ වත්මන් රජය ගෙන­යන වැඩ­පි­ළි­වෙළ සඳහා අමෙ­රි­කාව උප­රිම සහාය ලබා­දෙන බව ද ඇය පවසා ඇත.

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සහ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමගාමීව අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම ක්‍රියා මාර්ගය ගනු ලැබ තිබේ.

 

Social Sharing
ආර්ථික නවතම පුවත්