ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පරීක්ෂණ හා විමර්ශන අධ්‍යක්ෂ සුමනලාල් වීරසිංහ මහතා අද (11) පැවති මානව හිමිකම් සැමරුම් උත්සවයට සම්බන්ධ වෙමින් මානව හිමිකම් කොමිසම විසින් මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමර්ග සම්බන්ධව අදහස් පළ කළේය.
ඒ අනුව මානව හිමිකම් කොමිසම විසින් උප කමිටු 08ක් පත් කර ඇති බවට ඔහු විසින් පෙන්වා දීය. ඒ අනුව මෙම උප කමිටු 08 අතර වදහිංසාව වෙනුවෙන්, LGBTQ ප්‍රජාව වෙන්වෙන්, අබාධිත ප්‍රජාව වෙන්වෙන්, වතුකරේ ද්‍රවිඩ ජනතාව වෙන්වෙන්, ව්‍යාපාරික අයිතිවාසිකම් වෙනුවෙන්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන්, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් යන ආදි වශයෙන් උප කමිටු 08ක් පත් කරගෙන ඇති බවයි. මෙම උප කමිටු තුළින් එදිනෙදා කටයතු සම්බන්ධ කෙටී කාලීන මෙන්ම දිගු කාලින තීන්දු තීරණ ගන්නා බවයි.
එමෙන්ම ඔවුන් ගන්නා ලද තවත් පියවරක් වශයෙන් මාර්ගෝපදේශ 03ක් එළිදක්වා ඇත. විශේෂයෙන් මානව හිමිකම් ආරක්ෂකයින් වෙනුවෙන් මාර්ගෝපදේශයක් නිකුත් කළ බව ඔහු පෙන්වා දීය.
එමෙන්ම මානව හිමිකම් කොමිසම් සභාව විසින් ප්‍රාදේශීය මට්ටමේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව සාකච්ඡා කොට එම ප්‍රදේශයන්ට අයත් නිලධාරීන් සමඟ එදිනම ගතයුතු දිගු කාලීන හා කෙටි කාලීන පියවරයන් සම්බන්ධව සාකච්ඡා කරන බවයි.
මේ ආකාරයට ඔවුන් විසින් හඳුනාගත් ගැටළු වශයෙන් වතුකරයේ බහුතරයකට උප්පැන්න සහතික නොමැති වීම දක්නට ලැබෙන අතර එම නිසාවෙන් ඔවුන්ට ජාතික හැඳුනුම් පත්‍ර ලබා ගැනීමට නොහැකි වීම, ඒ තුළින් රාජ්‍ය ආධාර ලබා ගැනීමට නොහැකි වීම වැනි ගැටලු රාශියකට මුහුණ දෙන බව හඳුනාගෙන ඇත.
ඒ අනුව මානව හිමිකම් කොමිසම විසින් mobile campaign පවත්වා මේ ආකාරයට ඔවුන්ට පවතින ගැටලු විසඳීමකට ලක් කරන බව පැවසීය. මෙම mobile campaign තුළින් එකම අවස්ථාවේ උප්පැන්න සහතික නොමැති අයවලුන්ට උප්පැන්න සහතික නිකුත් කිරීම ඇතුළු අනෙකුත් සියලුම ලියකියවිලි සකසා දීමට අවශ්‍ය කරන සේවාවන් සපයා දීම සිදුකරනු ලබන බව එතුමා පෙන්වා දුන්නේය.
“මානව හිමිකම් සුරැකීමට වෙනසක්” යන මැයෙන් වූ මෙම සම්මන්ත්‍රණය 2024 දෙසැම්බර් 11 වෙනි පස්වරු 2.30 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ටියුලිප් ගොඩනැගිල්ලේදී පැවැත්විනි. එය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබුණි.