ගලහදූව ප්‍රදේශයේ පදිංචි නුවන් ධනුෂ්කවන අය ඉකුත් නොවැම්බර් මස 21 වන දා සවස මට්ටක්කුලිය ප්‍රදේශයේ රථවාහන අලුත්වැඩියා කටයතු සිදුකරන ස්ථානයක ඇයගේ බිරිඳගේ පවුලේ අයට අයත් ත්‍රී රෝද රථයක් අලුත් වැඩියා කිරීමට ලබා දී ඇති අතර පසුව එම රථය රැගෙන ඒමට ගරාජයට ගිය අවස්ථාවේ එම ස්ථානයට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් තිදෙනෙක් පැමිණ ඔහුට පහර දී ඇත.
එම අවස්ථාවේ නුවන් ධනුෂ්ක යන අයගේ බිරිඳ හා ඇගේ මවට ලැබුණ දුරකථන ඇමතුමක් ඔස්සේ ඔවුන් පොලිස් ස්ථානයට වෙත ගිය බවට වාර්තා වේ. මීට පෙර ඔහුගේ බිරිඳගේ මවට විරුද්ධව ව්‍යාජ පැමිණිල්ලක් පමුණුවා ඇති අතර ඇය පවසන ආකාරයට ඇයට අධිකරණයෙන් ඇප ලැබුණ ද ඇය පසුපස මෙන්ම ඇයගේ ඥාතීන් පසුපස වත්තල පොලීසිය පැමිණෙන බවයි. එමෙන්ම සිය බෑණාව බැලීමට පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ ඇයට අසභ්‍ය වචන පවසමින් අපහාසාත්මකව පොලිස් නිලධාරීන් බැණ වැදීමක් සිදුකර ඇත. එමෙන්ම නුවන් ධනුෂ්ක වන අයට එදින රාත්‍රියේ පොලිස් නිලධාරීන් පහර දීම් ද සිදුකළ බවට වාර්තා වේ.
පසුව එදින රාත්‍රි 09.00ට පමණ ඔහුට පොලිස් ස්ථානයෙන් ඇප ලබා දීමක් සිදුකර ඇති අතර පසුදින උදෑසන ඔහුට වමනය කර ඇත. ඔහුගෙන් සිදුකළ වීමසීමක දී ඔහු පවසා ඇත්තේ ඔහුගේ හිසට, බෙල්ලට හා කන් වලට පහර දුන් බවයි. ඒ අනුව ඔහුව රාගම ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දීමක් සිදුකර ඇති අතර අධිකරණ වෛද්‍යවරයා ද ඔහුව පරීක්ෂා කළ බවට වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් මැදිහත් වී මානව හිමිකම් කොමිසමට, පොලිස් කොමිෂන් සභාවට, පොලිස්පතිට පැමිණිළි කර ඇත.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව ගම්පහ ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා ගම්පහ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.
ගම්පහ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය – 0777883741
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය
0112-669100
සටහන – චේතනා ගෝමිස්