ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන Hayat Tahrir al-Sham (HTS) විසින් මෙහෙයවන ලද කැරලිකාර ප්‍රහාරයකින් පසු අසාද්ගේ රජය බිඳ වැටුණි.
කැරලිකාර කණ්ඩායම් සහ බෂාර් අල්-අසාද්ගේ හමුදාව අතර සටන් පවතින විට සිරියාව අතහැර අසල්වැසි ලෙබනනයට පලා ගිය සිරියානු ජනතාව මේ වන විට ලෙබනනය සහ සිරියාව අතර මන්සා දේශසීමාව හරහා නැවත තම රට වන සිරියාව බලා පැමිණෙමින් සිටී. කැරලිකාර කණ්ඩායම් පසුගිය ඉරිදා ඩැමස්කස් නගරය අල්ලා ගත්හ.
සිරියානු රජයට එරෙහිව ඕනෑම ආකාරයක විසම්මුතික අදහසක් ප්‍රකාශ කළ පුද්ගලයන් බෂාර් අල්-අසාද්ගේ පාලනය යටතේ අතුරුදහන් වූ බවත් සිරගෙවල්වල විවිධ වධ හිංසාවන්ට ලක්වෙමින්, මරා දැමීමෙන් දස දහස් ගනනක මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවත් ජනතාව චෝදනා කරති.
බෂාර් අල්-අසාද්ගේ පාලනය යටතේ සිරගෙවල්වල රඳවාගෙන සිටි ආදරණීයයන් තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔවුන් ඉක්මනින් පැමිණෙන බවත් සිරගෙවල් අසලට රැස්වූ ජනතාව විශ්වාස කළහ. ඒ අනුව බෂාර් අල්-අසාද් සිරියාවෙන් පලායාමෙන් පසුව, තම ආදරණීයයන්ගේ හෝඩුවාවක් සොයා ගැනීම සඳහා අගනුවර Saydnaya බන්ධනාගාරය වෙත ජනතාව පැමිණ සිටියහ. ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පාලනය යටතේ භීෂණය සහ මරණය සංකේතවත් කළ ස්ථානයක් ලෙසට සිරියානු ජනතාව විසින් මෙම ස්ථානය සළකනු ලබයි.
සෙඩ්නායා බන්ධනාගාරය දෙස සිට පැමිණි වාහනයකින්, එක් හිටපු සිරකරුවෙකු බැස ආ අතර, ඔහුගේ මුහුණේ හැඩය සහ ඔහුගේ කකුල් සහ ශරීරය වසර ගණනාවක් රඳවා තබා ගැනීමෙන් දුර්වල වී තිබූ සෙයක් දක්නට ලැබිණි. ඥාතීන් දෙදෙනෙක් ඔහුට නැගී සිටීමට උදව් කළහ. ඔහුගේ නිදහස්වීම සැමරීම සඳහා අසල සිටි කුඩා සංගීත කණ්ඩායමක් බෙර වාදනය කළහ.
තම ජංගම දුරකථනවල සටහන්ව තිබූ ඥාතීන්ගේ චායාරුප එම සිරකරුට පෙන්වමින් තම ඥාතීන් සිරගෙය තුළ සිටියේද, ඔවුන්ට කුමක් සිදු වුණිද යන්න සිරගෙදර අසල රැස්ව සිටි ජනතාව සෙඩ්නායා බන්ධනාගාරය දෙස සිට පැමිණි සිටකරුගෙන් විමසනු දක්නට ලැබීම ඉතා සංවේදී දසුනක් විය.
සටහන – Srimal DC