ලෝලුගස්වැව ගල්නෑව ප්‍රදේශයේ පිරිවෙනක වැඩවාසය කරන හිමිනමක් විසින් දරුවන් දෙදෙනෙක් ලිංගිකව අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙහි එක් දරුවෙක් 12 හැවිරිදි පිරිමි දරුවෙක් බවට වාර්තා වේ.
ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි මංහලිකා හෙට්ටිආරච්චි සිව් දරු මවකි, පවතින ආර්ථික අපහසුතා හමුවේ දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමට ඇති නොහැකියාව හේතුවෙන් දරුවන් සිව් දෙනාගෙන් දරුවන් දෙදෙනෙක් හෝමාගම ප්‍රදේශයේ පිරිවෙනක නවත්වා ඇත.
ඔවුන්ට පැවති දැඩි ආර්ථික අපහසුතා මත එම පිරිවනේ වැඩවසන හිමිනමක් විසින් ඔවුන්ට ජීවත් වීමට නිවසක් ද සාදා දී ඇත. එම නිසාවෙන් ඔවුන්ගේ විශ්වාසය ද හිමිනම තහවුරු කරගෙන ඇත. පසුව අධ්‍යාපන චාරිකාවක් රැගෙන යන බව පවසා මෙම දරුවන් දෙදෙනාව අදාළ හිමිනම විසින් පුත්තලම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම දරුවන් දෙදෙනාව හිතවත් නිවසකට රැගෙන ගොස් අවස්ථාවන් දෙකකදී මෙම දරුවන්ව ලිංගිකව අපයෝජනය ලක් කර ඇති බවට මෙම දරුවන් සිය දෙමාපියන්ට පවසා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් විසින් ගල්නෑව පොලීසියට පැමිණිළි කර ඇති නමුත් පොලීසිය විසින් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුරය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී ඇති අතර ඒ අනුව පොලීසිය විසින් අදාළ හිමිනම අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම අනුරාධපුරය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිළි කර ඇත.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව අනුරාධපුර ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.
අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය – 0768182357
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය
0112-669100
සටහන – චේතනා ගෝමිස්