කළුවරේ වැදුණු පිහි පාරට උරණ වූ පොලීසිය වෙඩි තබා කකුල කපයි!

 

kuttigala police torture

කුට්ටිගල, සුරියගම පදිංචි 26 හැවිරිදි දෙදරු පියෙක් කුට්ටිගල පොලීසියේ පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරට ලක්ව ඇත.

2024 නොවැම්බර් 21 වනදා සවස 7ට පමණ, ඔහු වාසය කරන ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී ඇති අතර එම සාදය අවසන් වී සියලුදෙනා විසිර යාමෙන් අනතුරුව, ඔහු සහ මිතුරා අතර පුද්ගලික බහින්බස්වීමක් සිදුව ඇත.

එහිදී, මිතුරා ඔහුට පහරදීමට කෙසෙල් කපන පිහියක් රැගෙන ආ අතර, මදුශාන් පිහිය උදුරාගෙන, කැලෑබද පාරේ ඔහුගේ නිවසට යමින් තිබියදී, පුද්ගලයෙකු ඔහුගේ ඉදිරියට පැන නැවතී “අපි පොලීසියෙන්” යයි කියමින් පෙනී සිටි ඒ නිලධාරීන් දෙසට මදුශාන් අතේ තිබූ පිහිය හැරදමා, ඔහුගේ අත් ඔසවන විට, පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇත.

පොලීසිය විසින් තැබූ වෙඩිල්ලෙ ශබ්දය ඇසී ගම්වාසීන් කීපදෙනකු එම ස්ථානයට රැස්වී පොලීසියට දොස් පැවරීමෙදී පොලීසිය විසින් ඔවුන් පසුපස ලුහුබැඳ කීපදෙනකුට පහරදී ඇත. එම අවස්ථාවේ වෙඩි වැදුණු පුද්ගලයා කැලෑවට ඇතුළු වී ඔහුගේ නිවස වෙත ගොස් ඇති අතර, ඒ වනවිටද පොලීසිය එම නිවසටද ගොස් ඔහුගේ බිරිදට බැන, මොහුව පාන්දර වීමට පෙර නොපැමිණුනොත් මරණ බවට තර්ජනය කර, නිවසද පරීක්ෂා කර ගොස් ඇත.

අනතුරුව මොහු විසින් මරණ බියට නිවස පසුපස කැලෑවට ගොස් පසු වූ අවස්ථාවේ පොලීසිය මොහුගේ පියාගෙ නිවසට ගොස් පියාට ද බැන, පහරදී පාන්දරවීමට පෙර මොහුව මරණ බවට තර්ජනය කර ඇත.

එම අවස්ථාවේ මොහු විසින් නිහඬව නිවස පිටුපස කැලෑවේ සිට 119 ට අමතා මෙම සිද්ධිය පිලිබඳව මෙන්ම ඔහුගේ පියාට ද පොලීසිය පහරදුන් බවත් පවසා ඇත. මොහු විසින් මොහුගේ හිතවතුන්ට හා ඥාතීන්ට තමන්ව ඇඹිලිපිටියේ රෝහලට රැගෙන යන ලෙසට දන්වා ඇතත්, මොහුගේ අතේ මාංචු තිබෙන බැවින් ඒ සියළු දෙනාම ඔහුව පොලීසියට රැගෙන යාම ප්‍රතික්ෂේප කර ඇත. එපමණක් නොව එම අවස්ථාවේදී මුළු ගමම පොලිසිය විසින් වටලා ඇත. ඒ අනුව මොහු විසින් කුට්ටිගල පොලිසියේ නිලධාරීන්ටත්, 1990 ගිලන් රථයටත් කතා කර ඇත, ඒ අනුව මෙම දෙපාර්ශ්වයම එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව මොහුට දමා තිබූ මාංචු කුට්ටිගල පොලිසියේ නිලධාරියාට භාර කර මොහුව ගිලන් රථයෙන් ඇඹිලිපිටිය රෝහලට ගෙන ගොස් ඇත.
පසුව රෝහලේදී මොහුව පොලිසිය අත්අඩංගුවට රැගෙන ඇති අතර මෙම වෙඩි තැබීමෙන් මොහුගේ කනට පහළින් වෙඩිල්ල වැදීමෙන් කේට ග්‍රන්ථියට බරපතල හානි සිදුවී ඇත. එමෙන්ම මොහුගේ යටි පතුලද තුවාල වී ඇත.

පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට ඔහුට වෙඩි නොතැබූ බවත් ඔහුගේ කකුල තුවාල වී තිබෙන්නේ බෝතල් කටුවකට බවත් ගෙල අසල තුවාල වී තිබෙන්නේ කෝටුවක් ඇනීමෙන් බවයි. නමුත් ඔහු පවසන ආකාරයට රත්නපුර රෝහලේ වෛද්‍යවරයාගේ නිගමනය ද වන්නේ මෙම තුවාල වෙඩි වැදීමෙන් සිදුවී ඇති බවයි.

සටහන:
තරංග එල්. පටබැදි
හම්බන්තොට

 

Social Sharing
අවකාශය නවතම