වැලිගම පොලීසියේ අපූරු නඩු පැවරීම!

weligama police torture

නිවසට පැන යතුරු පැදිය සහ මුදල් පැහැර ගෙන ගිය බවට පොලීසියට පැමිණිලි කර තිබියදී, නැති වූ යතුරු පැදියෙන් යතුරු පැදියේ හිමිකරු විසින් හෙරොයින් ග්‍රෑම්2.5ක් ප්‍රවාහනය කරමින් පසු වෙද්දී, අත්තඩංගුවට ගත් බවට වැලිගම පොලීසිය විසින් බොරු චෝදනාවක් නගමින්, බොරු නඩුවක් පවරා, යතුරු පැදියේ හිමිකරු රක්ශිත බන්ධනාගාර ගතකර ඇත.

මෙලෙස අත්අඩංගුවට රැගෙන බොරු නඩු පවරා ඇත්තේ අහංගම අයෙකි.

නාදුනන පුද්ගලයන් කණ්ඩායමක්, පොලීසිය බව පවසමින් 2024 ජූලි 08 වනදා නිවසට අයුතුලෙස ඇතුළුවී, එම නිවසේ පසු වූ පුද්ගලයකුට පහරදී, නිවසියන් බිය වද්දා, වාරිකයක් ගෙවීමට තිබූ රුපියල් ලක්ශයක මුදල හා අදාල පුද්ගලයාගේ යතුරු පැදිය මෙම පිරිස විසින් රැගෙන ගොස් ඇත, සිද්දිය පිලිබදව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෙත පැමිණිලි කිරීමට ගියත් එම පැමිණිල්ල භාරගැනීමකින් තොරව අහංගම පොලිසිය වෙත ගොස් පැමිණිලි දමන ලෙසට  උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව අහංගම පොලිසිය වෙත ගොස් සිද්ධියට අදාළව පැමිලි දමා ඇත.  ඉන් අනතුරුව අහංගම පොලිස් ස්ථාධිපති විසින් යතුරුපැදිය රැගෙන යන ලෙසට මොවුන්ට දන්වා ඇති අතර, මොවුන් විසින් යතුරු පැදිය ලබා ගැනීමට අහංගම පොලිසියට ගොස් ඇති බවත් ඉන් අනතුරුව ස්ථානපති විසින් ප්‍රකාශ කර ඇත්තේ වැලිගම පොලිසියට ගොස් යතුරුපැදිය ලබා ගන්නා ලෙසයි. ඒ අනුව මෙම පුද්ගලයා විසින් යතුරු පැදි ලබා ගන්න වැලිගම පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම යතුරු පැදියෙන් හෙරොයින් ග්‍රෑරම් 2.5ක් මොහු විසින් ප්‍රවාහනය කරමින් පසු වූ අවස්ථාවේ  එම පොලීසිය විසින් අත්තඩංගුවට ගත් බවට චෝදනා ගොණුකර, බොරු නඩුවක් පවරා මොහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව අගතියට පත් වූ පුද්ගලයාගේ මව වන පී.ලීලාවතී මහත්මිය අප සමග කියා සිටී.

සටහන – තරංග එල්.පටබැදි.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග