සිරියානු ජනාධිපති බශාර් අල් අසාද් සහ ඔහුගේ පාලනයට එරෙහිව සටන් කරන සිරියානු කැරළිකරුවන් උතුරු සහ දකුණු ප්‍රදේශ හරහා ඩමස්කස් වෙත මේ වන විට ප්‍රවේශ වෙමින් සිටින අතර වාර්තාවලට අනුව කැරළිකරුවන් මේ වන විටත් ඩමස්කස් නගරයට 162 km ක් උතුරු දෙසින් පිහිටි ප්‍රධාන නගරයක් වන හෝම්ස් නගරය අත්පත් කරගෙන සිටි.
කැරැලිකරුවන්ගේ පැමිණීම හමුවේ ජනාධිපති බෂාර් අල් අසාද් ඩමස්කස් නුවරින් පිටව ගිය බවට පළ වන වාර්තා සිරියානු ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. අගනුවර වටා “ඉතා ශක්තිමත් මිලිටරි වළල්ලක්” ඇති බවත්, කිසිවෙකුට ඒ හරහා යාමට නොහැකි වනු ඇති බවත් සිරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කරන බව AFP පුවත් සේවය වාර්තා කරයි.
කැරලිකාර සටන්කාමීන් ඩමස්කස් දෙසට ගමන් කිරීමත් සමඟ, ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පාලනයට එරෙහිව විරෝධතාකරුවන් සිරියානු අගනුවර තදාසන්න ප්‍රදේශවල වීදි බැස සිටින බව පෙනේ.
මීට සුළු මොහොතකට පෙර සිරියාවේ හාඩර් ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ මුරපොලකට සන්නද්ධ පුද්ගලයන් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලද බව, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සමාජ මාධ්‍යවල පළ කරමින් පවසා සිටියේය. සන්නද්ධ පුද්ගලයන්ගේ ප්‍රහාරයට ලක්වූ සිරියාවේ සිටින එක්සත් ජාතීන්ගේ හමුදාවන්ට තමන් සහාය දෙන බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ගෝලාන් කඳුකර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ඊශ්‍රායල හමුදාව යොදවා ඇති අතර, ඊශ්‍රායල රාජ්‍යය සහ එහි පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා ඊශ්‍රායල හමුදාව දිගටම ක්‍රියාත්මක වනු ඇත. ගෝලාන් කඳුකර ප්‍රදේශය යනු ඩමස්කස් සිට නිරිත දෙසින් කිලෝමීටර් 60 ක් (සැතපුම් 40 ක්) පමණ දුරින් නිරිතදිග සිරියාවේ පිහිටා තිබෙන ප්‍රදේශයකි. වර්ෂ 1967 සය දින යුද්ධයේ අවසාන අදියරේදී ඊශ්‍රායලය විසින් සිරියාවට අයත්ව තිබූ ගෝලාන් කඳුකරය අල්ලා ගත්තේය. ගැටුම අතරතුර සිරියානු අරාබි වැසියන්ගෙන් බහුතරයක් එම ප්‍රදේශයෙන් පලා ගියහ. පසුව සටන් විරාමයක් ස්ථාපිත කරන ලද අතර එම කලාපය ඊශ්‍රායල හමුදා පාලනයට නතු විය.
පවතින ගැටුම හේතුවෙන් මේ වනවිට අවතැන් වී ඇති ඇස්තමේන්තුගත පුද්ගලයන් ප්‍රමාණය 370,000ක් පමණ විය හැකිය. මේ අතර බොහෝ දෙනෙක් ඊසානදිග ප්‍රදේශයට පලා යමින් සිටින අතර තවත් පිරිසක් ඉදිරි පෙළ සටන් පවතින ප්‍රදේශවල සිරවී සිටිති. ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීමට සහ මානුෂීය ආධාර සඳහා පහසුකම් සැලසීමට සියලු පාර්ශ්වයන්ගෙන් කෙරෙන ඉල්ලීම්ද ඉහළ යමින් පවතී. ගැටුම් නිසා කාන්තාවන්, ළමුන් සහ සිවිල් ජීවිත හානි ගණන අඛණ්ඩව ඉහළ යමින් පවතී.
සිවිල් යුද්ධය හමුවේ සිරියාව, ජනාධිපති බශාර් අල් අසාද්ගේ රාජ්‍ය පාලනය යටතේ පවතිනවාද නැතහොත් කැරලිකාර හමුදාවන්ට යටත් වේද යන්න ඉදිරි දිනවලදී තීරණය කරනු ඇත.
සටහන – Srimal DC