Digital Economy එකක් ගොඩ නැගීමට අනුර ජනාධිපති තුමන් මේවන විට ගනිමින් සිටින උත්සාහය සාධනීයයි. ඒ සදහා හාන්ස් විජේසුරිය වැනි ප්‍රාමානික වෘත්තිය භාවයක් තිබෙන කෙනෙකු භාවිතා කිරීමත් හොද දෙයක්. නමුත් මේ වැඩේ නව ආන්ඩුක්‍රමයක් හදනවා වගේ වැඩක් කියලයි මට හිතෙන්නෙ.
ඒක 77 දි ජේආර් රටට විවෟත ආර්ථිකය හදුන්වාදීමට සමාන දෙයක්. පවතින සමාජය උඩු යටිකුරු කරන වැඩක්. ඒ නිසා ඒ සදහා සමාජ කතිකාවක් අවශ්‍යවී තිබෙනවා. දැනට වර්ථමාන රජය තමන්ගේ Digital කරන ව්‍යාපෘතිය ගැන සමාජගත කරන තොරතුරු කථිකාවක් සදහා ප්‍රමානවත් නැහැ.
මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාෂනය තුල පවතින අන්තර්ගතය පවා එවැනි කථිකාවකට ප්‍රමානවත් නැහැ. නමුත් ඒ පිලිබදව අදහසක් ගැනීමට නම් පහත දැක්වෙන විශය කේෂත්‍ර 20 ගැන රජය දරන මතය පිලිබදව සමාජය දැනුවත් කල යුතුව තිබෙනවා.
එම කේෂත්‍ර ආර්ථික උත්පාදක කේෂ්ත්‍ර වගේම සමාජ, සංස්කෟතික හා දේශපාලන කේෂේත්‍රවල දැවැන්ත වෙනසකට තුඩු දෙන්නට හේතු වේවි. ජනාධිපති පවසන අන්දමට රටක් හැටියට Digital Economy එක හරහා ඩොලර් බිලියන 05 ක ආදායමක් ලබා ගන්නට බලාපොරොත්තු වන බව කියනවා.
නමුත් මේවන විට පහත දැක්වෙන කේෂත්‍ර 20 මේ වන විට ඩොලර් බිලියන ගනනක වෙළදපලක් නියෝජනය කරනවා. ඒ වගේම ඉන් පල ප්‍රයෝජන ගන්නට නම් ඒ සදහා අවැසි සමාජ මානසික භාවය සුදානම් කල යුතුව තිබෙනවා.
අර්ධ වැඩවසම් – අර්ධ ධනේෂ්වර සමාජ මානසික භාවයක ඉන්න රටකට ඒ සදහා වන වෙනස් කිරීමට සිදුවේවි. එය දරන්නට විය හැකි බරපතල උත්සාහයක්.
එම නිසා පහත දැක්වෙන කේෂේත්‍ර මුල්‍ය කරනය කිරීමට අනුගමනය කරනු ලබන දැක්ම , මෙහෙවර, මුලෝපාය හා වැඩපිලිවල තවම සමාජගත කිරිම අත්‍යවශ්‍යයි.
එය තවම හාන්ස් විජේසුරිය හා ඉන්ජිනේරුවරයකු වන නව නියෝජ්‍ය ඇමති ඇතුලු කන්ඩායම සිදු කරලා නැහැ. ඒ වෙනුවට සමාජගත කරමින් සිටින්නේ රාජ්‍ය සේවය digitize කිරීමේ වැදගත් කම වැනි සරල කරුනු ගැන පමනයි. නමුත් වැඩේ හරි විශාල වැඩක්.
එහිලා පලමුව Digital economy එකක් ගොඩනගන්න නම් digitizing , Digitalization සහ Digital transformation යන කේෂේත්‍ර 3 පිලිබදව රජයේ මෙහෙවර, මුලෝපාය හා වැඩපිලිවල සමාජගත විය යුතුව තිබෙනවා. පහත දැක්වෙන කේෂත්‍ර 20 හරහා digital economy එක ගොඩනංවන්න වෙන්නෙ ඉහත දැක්වු කේෂේත්‍ර 3 යටිතල පහසුකමක් ලෙස ගොඩනැගුවොත් පමනයි.
ලංකාවට Digital economy පිලිබදව වැඩපිලිවලක් හදනවා නම් ඒ පිලිබදව සමාජය දැනුවත් කිරීමත් ඒ මත සමාජය තුල සංවාදයක් ඇති වීමත් වැදගත්. අපේ රට 2050 ට සුදානම් කරන්න නම් මෙම සංවාදය වැදගත්.
එහෙම නැති නම් එම කේෂ්ත්‍රය ගුප්ත දැනුමක් ලෙස බලපුලුවන්තාරයන්ගේ අතේ පවතිවි. පසුගිය කාලේ රටේ ඩිජිටල් කරනය තිබුනෙ එවැනි තැනක.
ICT ආයතනය (මහින්ද තමයි පටන් ගත්තෙ) ඩිජිටල් අමාත්‍යංශ, ගුගල් බැලුම්, ස්ටාර් ලින්ක් වගේ කතා අහන්නට ලැබෙනවා. නමුත් කිසිවක් කෙරුන බවක් නම් දැනුනෙ නැහැ.
මම මේ කේෂත්‍රය පිලිබදව ප්‍රාමානික දැනුමක් තිබෙන කෙනෙක් නොවේ. නමුත් දැනුමක් නොමැති අයටත් මේ පිලිබදව අවධානය යොමු කරන්න වෙලා තිබෙන්නේ රටේ අනාගතයත් අපේ දරුවන්ගේ අනාගතයත් මේ මත රැදිලා තිබෙන නිසයි.
ඒ නිසා පහත කේෂ්ත්‍ර වල වැඩකරන්නට යන්නෙ කොහාමද කියලා සමාජයට කියන්න; (ඉංග්‍රිසියෙන් ලියන්න වෙලා තිබෙන්නෙ සිංහලෙන් මේ දැනුම තවම නිශ්පාදනය වෙලා නැති නිසා. එම නිසා මේ අදහස් අපගේ පවතින පරිකල්පනයට (imagination) ආගන්තුකයි)
එමගින්ම පේනවා අපිට තිබෙන අභියෝගය!
- AI and machine learning
- 5G Technology
- Internet of Things( IOT)
- Edge Computing
- Blockchain Technology
- Augmented Reality (AR) and Virtual Reality
- Quantum Computers
- Robotic Process Automation
- Cyber Security
- Sustainable Technology
- Human Augmentation
- AI Augmented Development
- Industry Cloud Platforms
- Smart Apps
- Democratized Generative AI
- Continuous Threat Exposure Counter Measures
- AI Trust, Risk and Security Management
- Platform Engineering
- Machine Customers,
- Augmented Connected workforce.
– ශිරාල් ලක්තිලක