හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අගමැති ලෙස කටයතු කරමින් සිටියදී 2022 වසරේ මැයි 09 වනදා යුටියුබ් ක්රියාකාරි දර්ශන හඳුන්ගොඩ මහතා අගමැති නිල නිවෙස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙමින් වචනයෙන් හා නිරූපණය භාවිතා කරමින් රජයට විරුද්ධව කටයතු කිරීම, ජාතික ආරක්ෂාවට බලපෑම් වන ප්රකාශ කිරීම යන චෝදනාවලට අදාළව ඇප මත මුදා හැර ඇති අතර එම චෝදනාවලින් නිදහස් කරන බවට කොටුව මහේස්ත්රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉකුත් 04 වනදා නියෝග කර ඇත.
ඒ අනුව නීතිපතිවරයා විසින් හඳුන්ගොඩ යන අයට එරෙහිව කටයතු නොකරන බවට උපදෙස් ලබාදීම මත ඔහුව අදාල චෝදනාවලින් නිදහස් කරන බව මහේස්ත්රත්වරිය දැනුම් දීමක් සිදුකළාය.
දර්ශන හඳුන්ගොඩ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්රි ගුණරත්න මහතා අධිකරණයට මෙන්ම පොලිස් අපරාධ කොට්ඨාසයට ද කරුණු දැක්වූ බව වාර්තා වේ.