අස්වැසුම දෙවැනි අදියරේ ප්රතිලාභ ගෙවීම මේ වනවිට දැඩි අර්බුද මට්ටමක පවතින බව වාර්තා වේ. අස්වැසුම දෙවැනි අදියරය සඳහා ඉල්ලුම්පත් කැඳවීම ඉකුත් පෙබරවාරි මස සිදුවූ අතර ඒ සඳහා අයදුම්පත් 450,000ට අධික ප්රමණයක් ලැබී ඇති බව සුභ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
දෙවැනි අදියරය සඳහා ඉකුත් පෙබරවාරි මස අයදුම්පත් කැඳවා තිබුණ ද ප්රතිලාභ ලබා දීමට සුදුස්සන් තෝර ගැනීම සඳහා සංගණනයක් කර නැතැයි ද වාර්තා වේ. ඒ අනුව අයැදුම්පත් කැඳවා මාස දහයක පමණ කාලයක් ගතව ඇතත් තවමත් දෙවන සංගණනය සිදු නොකර නොමැත.
එමෙන්ම අස්වැසුම පළමු අදියරේ ප්රතිලාහීන්ගේ සුදුසුකම් ඊළඟ වසර සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමට දත්ත යාවත්කාලීන කිරීමක් ද මේ දක්වා සිදුව නැතැයි ද පැවැසේ.
අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීමට සහ දෙවැනි වටයට ඉල්ලුම් කිරීම සඳහා මාසයක පමණ කාලයක සිට දිනපතා දහස් ගණන් සෑම ප්රාදේශීය ලේකම් කාර්යාලයකම දක්නට ලැබෙන බව ද වාර්තා වේ. මෙම හේතුව නිසාම ප්රතිලාභ ගෙවීම දැඩි අර්බුදයක පවතින බවත් ප්රතිලාභ ලබා ගැනීමට ජනතාව දෛනිකව ප්රදේශීය ලේකම් කාර්යාලයට යෑම එහි රාජකාරි කටයතුවලට පවා බාධා ඇතිවන බව පැවසේ.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අස්වැසුම දෙවන අදියරයේ සංගණනය ඉකුත් ජූලි මාසයේ 15 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට නියමිතව පැවති නමුත් ජනාධිපතිවරණය හමුවේ සංගණනය පැවතීම තාවකාලිකව අත්හිටුවීය.