ප්‍රංශ අගමැතිවරයා ප්‍රමුඛ නව රජයට එරෙහිව ඊයේ (4) ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් විපක්ෂය ජයග්‍රහනය කිරීමත් සමග ප්‍රංශ රජය නැවතත් අර්ඹුදයකට මුහුණ දී තිබේ.
ආසන 577 කින් සමන්විත ප්‍රංශ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය ජයග්‍රහණය සදහා ඡන්ද 288ක් අවශ්‍ය වී තිබුනි. නමුත් නියමිත ඡන්ද සංඛාව ඉක්මවා ආණ්ඩුපක්ෂයේ ද සහාය ඇතිව ඡන්ද 331 ලබා ගැනීමට හැකි වීම නිසා විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණ කිරීමට සමත් වී තිබේ.
පාර්ලිමේන්තුවේ මත විමසුමකින් තොරව අග්‍රමාත්‍ය මිෂෙල් බානියේ තම විධායක බලය උපයෝගීකර ගනිමින් සමාජ ආරක්ෂණ මුල්‍යකරණයට අදාල පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීම මෙම විශ්වාසභංගයට හේතුවී ඇත.
විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුපක්ෂය පරාජය වීමෙන් පසුව ප්‍රංග පාර්ලිමේන්තුවේ කතානායකවරිය විශේෂ ප්‍රකකාශයක් කරමින් අගමැතිවරයා වෙත දැනුම් දී ඇත්තේ තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති එමැනුවෙල් මැක්ක්‍රෝන් වෙත භාරදෙන ලෙසයි.
පසුගිය ජූලි මාසයේ පැවැති හදිසි ප්‍රංශ මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට නොහැකි විය.
මෙම විශ්වාසභංගයෙන් ප්‍රංශ ජනාධිපතිධූරයට සෘජු බලපෑමක් ඇති නොවූවත්, ප්‍රංශ ආණ්ඩුවක් මෙවැනි විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්කර ඇත්තේ වසර 62 දෙකට පසුව බවයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධව අදහස් දක්වන ප්‍රංශ දක්ෂිණාංශික ජාතික රැලියේ නායිකා මරීනේලේපෙන් කියා සිටියේ ජනාධිපති මැක්‍රෝන් මෙහිදි දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි. ප්‍රංශය තුළ ඇතිවී ඇති දේශපාලනික අර්බුදයට ඔහු වගකිව යුතු බවත් ඇය ප්‍රකාශ කර සිටියි.
ජනාධිපති මැක්‍රෝන් පසුගිය සැප්තැම්බර් මාසයේදි මිචෙල් බානියර් අග්‍රාමාත්‍යධුරයට පත්කර ගත් අතර, ඒ අනුව ප්‍රංශයේ කෙටිම කාලයක් අග්‍රාමාත්‍යධූරය දැරූ පුද්ගලයා බවට ඔහු පත්වේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා තම අනුප්‍රාප්තිකයෙකු තෝරාපත් කර ගැනීමට නියමිත අතර, ඔහු භාරකාර අගමැති ලෙස ඉදිරියේදි කටයුතු කරනු ඇති බව සඳහන් වේ. ජනාධිපති මැක්‍රෝන් අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.