විසදුමෙන් තොර විසඳුමක් – ඉන්දියාවේ බලපෑම කෙසේද?

ශ්‍රී ලංකාවේ වායු දුෂණයට ඉවහල් වන ප්‍රධාන හේතුවක් ලෙස රථ වාහන මඟින් පිටවන අහිතකර දුම හැඳින්විය හැකිය. නාගරිකව රථ වාහන ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වීමරථ වාහන නඩත්තු කිරීම නිසියාකාරව සිදු නොවීම මඟින් ඩීසල් වාහන මඟින් අහිතකර වායු අංශු පිටවීමත් පෙට්‍රල් වාහන මඟින් කාබන් මොනොක්සයිඩ් හා වාෂ්ප වන සුළු කාබනික සංයෝග පිට වීම වැනි හේතු කිහිපයක් හේතු ලෙස බලපා ඇත. මහාචාර්ය ඉලේපෙරුම පවසා ඇති අන්දමට ශ්‍රී ලංකාවේ වැඩිම වායු දූෂණය පවතින්නේ කොළඹ සහ මහනුවර වන අතර එයට හේතුව වාහන තදබදය බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාහනවලින් පිටවන ඩීසල් දුම පළමු කාණ්ඩයේ පිළිකාකාරක පන්තියට ඇතුළත් කර ඇත. ලංකාවේ පිළිකා රෝගීන් වැඩිවීමට වායු දූෂණය ප්‍රධාන හේතුවක් ලෙස ද බලපානු ලබයි. විශේෂයෙන් කොළඹ වායු දූෂණය වැඩිවීමට මූලික හේතුව වාහන තදබදය. නමුත් කොළඹ තැනිතලා ප්‍රදේශයක් නිසා වායු දූෂක විසිරිලා යනවා.එහෙත් මහනුවර මේ තත්ත්වය වෙනස් වේ, මන්ද දිනකට වාහන ලක්ෂයක් පමණ පැමිණෙන මහනුවර නගරයේ වායු දූෂණය කොළඹට වඩා කිහිප ගුණයකින් වැඩි බව කලකට පෙර මහාචාර්යවරයා විසින් කළ පර්යේෂණයකින් වගේම මධ්‍යම පරිසර අධිකාරිය විසින් කළ අධ්‍යයනයකිනුත් අනාවරණය වී ඇත.

මහනුවර නගරය කඳු වළල්ලකින් වටවී පිහිටා තිබීම නිසා වාහනවලින් පිටවන දූෂිත වායු විසිරී යෑමක් සිදු නොවන අතර වෛද්‍යවරුන් විසින් කලකට පෙර මහනුවර නගරයේ බාලිකා පාසලක දැරියන් අතරින් හඳුනා ගත් COPD නම් නිදන්ගත පෙණහලු රෝගය වැලඳීමට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ද වායු දූෂණයයි.

ඒ වගේම මීට වසර කිහිපයකට පෙර සොයාගනු ලැබූ ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් පිටවන තන්තු ද වායු දූෂිත බවයි. යුරෝපයේ ඇල්ප්ස් කඳු මුදුන්වල පවා මේ ප්ලාස්ටික් තන්තු තිබෙන බව වර්තමානයවන විට හෙළි වී ඇත. වාහන නොමැති විට වායු දූෂණය නොවෙතැයි පැවසිය නොහැක මන්ද මේ අංශුවලට තවත් විවිධ බැර ලෝභ අධිශෝෂණය වීමෙන් වාතය දූෂණය වේ.

අපේ මොළය ඇතුළේ පවා ප්ලාස්ටික් සියුම් කෙඳි වශයෙන් තැන්පත් වී තිබිය හැක. එමෙන්ම නිවෙස්වල තිබෙන ප්ලාස්ටික් භාණ්ඩවලින් ඇතැම් විට අඳින ඇඳුම්වලින් පවා ඒ තත්ත්වය ඇතිවිය හැකියි. කුඩා දරුවන් බහුලව පාවිච්චි කරන මෘදු ක්‍රීඩා භාණ්ඩවලත් (සොෆ්ට් ටොයිස්) මේ කෙඳි වැඩිපුර අඩංගු වන අතර මේවා සිරුරට ඉතා අහිතකර වේ.

මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම වැඩිදුරටත් සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වායු දූෂණය හේතුවෙන් වසරකට සිදු වන මරණ මිලියන 8න් මරණ මිලියන 4.3කට හේතුව ගෘහස්ථ වායු දූෂණය බවයි. ලංකාවේ 70%ක් පමණ භාවිත කරන්නේ දර ළිප් වන අතර දර දහනයේදී ඉතා අධික වායු දූෂණයක් සිදු වීමක් සිදු වේ. ඊට හේතුව දර ළිප් භාවිත කරන බොහෝ මුළුතැන්ගෙවල් ඉතා කුඩා වීමයි.

ඒවායේ තිබෙන ඉඩකඩ සීමීතභාවය දර දහනයේදී අතුරුඵල ලෙස පිළිකාකාරක ද්‍රව්‍ය පිට වේ. කාබන් මොනොක්සයිඩ් හිමොග්ලොබින් සමඟ සංයෝගයක් සෑදීමෙන් මිනිසාගේ මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමක් සිදු වේ. එවැනි ස්ථානයක සුළු මොහොතක් රැදී සිටීමෙන් හිසරදය ඇතිවන අතර එම නිසාවෙන් දර ළිපක් භාවිත කරනවා නම් එහි අහිතකර ප්‍රතිඵල අවම කර ගැනීමට එය එළිමහනේ තබා ආහාර පිසීම කළ යුතු බවත් එසේත් නැතිනම් හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි මුළුතැන්ගෙට විශාල ජනේලයක් තිබිය යුතු බවට මහචාර්‍යතුමා වැඩිදුරටත් පවසයි.

ඉන්දියාවෙන් ලංකාවට ඇති බලපෑම

මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි නගරයේ තිබෙන වායු දූෂණය ඉතාම ඉහළ මට්ටමක් ගනියි. ජනතාවට නි‌වෙස්වලින් පිටතට බහින්න බැරි තත්ත්වයක් ඇති තිබේ. මෙසේ වායු දූෂණය ඉහළ යෑමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල ගොවීන් අස්වැන්න ලබා ගැනීමෙන් පසු ඉතිරිවන පිදුරුදහයියා වැනි අපද්‍රව්‍ය පිලිස්සීමයි. එම පිලිස්සීම් තහනම් කර තිබුණත් ගොවියන් දිගින් දිගටම එම පිලිස්සීම් කරන නිසාවෙන් ඒ නිසා හැම වසරකම මේ කාලයට නවදිල්ලියේ වායු දූෂණය ඉහළ යනු ලබයි. ඊට තවත් බලපාන හේතුවක් වන්නේ දිල්ලියේ ඇති දැඩි වාහන තදබදයයි.

ඉන්දියාවේ මේ තත්ත්වය අපේ රටේ වායු දූෂණය වැඩි වීමටත් බලපානු ලබයි. ඊට හේතුව නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ශ්‍රී ලංකාවට ඉන්දියානු අර්ධද්වීපයේ සිට උතුරු මෝසම් සුළඟ හැමීමයි. එම නිසා ලංකාවේ වායු දූෂණයත් ඉහළ යා හැකියි. මේ දිනවල වර්ෂාව පවතින නිසා එහි බලපෑම තරමක් අඩු වී ඇති නමුත් වැස්ස නැති වුවහොත් ඉදිරියේදී අපේ රටේ වායු දූෂණය මීට වඩා ඉහළ යා හැකිය. පහුගිය වර්ෂ ගණනාවක සිට මහනුවර වායු තත්ත්ව දර්ශකය 150, කොළඹ නගරයේ එය අගය 180 දක්වාත් ඉහළ ගොස් ඇත. යාපනයේ එම අගය කොළඹ අගයත් ඉක්මවා ගිය අතර යාපනය ඉන්දියාවට සමීපව පිහිටීම නිසා ඒ කලාපය ඔස්සේ හමන සුළං ප්‍රවාහයන් මඟින් මෙරටට දෙසට වායු දූෂක පැමිණීමේ වැඩි ඉඩක් තිබේ. මෙම තත්ත්වය අන්තර් මායිම් වායු දූෂණය ලෙස හඳුන්වනු ලබයි.

වායු දූෂණය රෝග ගණණාවකට බලපාන ප්‍රධාන හේතුවක් වන අතරඒ අතර පිළිකා රෝග මෙන්ම ඇදුමනිව්මෝනියාවබ්‍රොන්කයිටීස් වැනි රෝග මූලික වේ. එපමණක් නොවෙයිමුල් කාලයේ පැවති මතය වූයේ වායු දූෂණය බලපාන්නේ ශ්වසන රෝග සහ පෙණහලු සම්බන්ධ රෝගවලට පමණක් බවයි.  නමුත් මේ වෙද්දි පර්යේෂණ මඟින් හෙළි වී තිබෙනවා වාතයේ තිබෙන දූෂිත සියුම් අංශුහෘද රෝගවලින් සිදු වන මරණවලට ප්‍රධාන හේතුවක් බව. ලෝක සෞඛ්‍ය සංවිධානය මීට වසර කිහිපයකට පෙර හෙළි කළා මෙරට සිදුවූ හෘද රෝග සම්බන්ධ මරණවලින් 7000ක් පමණ වායු දූෂණය මත සිදු වූ බවය. ඒ වගේම ඇදුම රෝගීන්ටනිව්මෝනියා රෝගීන්ට වායු දූෂණය නිසා සිදු වන අහිතකර බලපෑම ඉතා අධිකය. වියපත් පුද්ගලයන්ටගැබිනි මවුවරුන්ටකුඩා දරුවන්ට සහ නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් දූෂිත වායු සහිත පරිසරයේ ගැවසීම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ඉතා අනතුරුදායක බව මහචාර්‍යවරයා පවසයි.

මහාචාර්ය ඉලේපෙරුම මහතා අනාවරණය කරන පරිදි ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද වායු දූෂණය දිනෙන් දින ඉහළ යමින් පවතින අතරමානව සෞඛ්‍යයට එයින් වන බලපෑම නව පර්යේෂණ මඟින් හෙළි වෙමින් පවතී. එබැවින් වායු දූෂණය හා සම්බන්ධ රෝග වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ද හෙතෙම පැවසීය.

මෙම රෝගයන්ගෙන් ආරක්ෂා වීමට නම් වායු දූෂණය අධික ප්‍රදේශවලට යන විට මුව ආවරණයක් පැලඳීමශ්වසන රෝග සහ අපහසුතාවලින් පෙළෙන්නන් නිවෙසින් බැහැරට යන විට ගුණාත්මක බවින් ඉහළ N90 හෝ N95 වැනි මුහුණු ආවරණයක් පැලඳීමඅධික සූර්යාලෝකයට නිරාවරණය වන ආකාරයේ එළිමහනේ ක්‍රියාකාරකම් සීමා කිරීමවායුගෝලයට දුම හෝ දූවිලි අංශු නිකුත් වන පොලිතින්ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය පිලිස්සීම වැනි ක්‍රියාකාරකම් අවම කිරීම හා ඒවායින් වැළකීමමාර්ග ආශ්‍රිතවකර්මාන්තශාලාවලට ආසන්නව ඇති දූෂිත වායුවලට නිරාවරණය නොවීම ආදී ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය.

ඊට අමතරව මෙරට ප්‍රධාන වශයෙන් වායු දූෂණය සිදුවන නාගරික වාහන තදබදය වළක්වා ගැනීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් අඩු කිරීම සහ පුද්ගලික වාහන වෙනුවට හැකි තරම් පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම ද ජනතාවට එසේ පොදු ප්‍රවාහන සේවය පහසුවෙන් භාවිත කිරීමට අවස්ථාව ලැබෙන පරිදි පොදු ප්‍රවාහන සේවයේ කාර්යක්ෂම සහ ගුණාත්මක බව ඉහළ නැංවීම බලධාරින් සතු වගකීමය.

https://www.silumina.lk/2024/11/30/news-features/30241/%e0%b7%80%e0%b7%8f%e0%b6%ba%e0%b7%94-%e0%b6%af%e0%b7%96%e0%b7%82%e0%b6%ab%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%85%e0%b7%84/

Social Sharing
නවතම පුවත්