බස් රථයෙන් වැටුනු දෘශ්‍යාබාධිත රාජ්‍ය සේවකයා මහමග දමා ගිය මතුගම – කොළඹ පුද්ගලික බස් රථ රියදුරා

මතුගම – කොළඹ පුද්ගලික බස් රථයකින් බසිද්දී බස් රථය යලි ධාවනය කිරීම නිසා තමන් බසයෙන් පිටතට වැටුනද බසය නොනවත්වා ධාවනය කලැයි දෘශ්‍යාබාධිත රාජ්‍ය සේවකයකු කළුතර දකුණ පොලිසියට හා මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කර ඇත. එසේ පැමිණිලි කර ඇත්තේ නාගොඩ ,කළුතර ලිපින පදිංචියේ දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු වන දිනිඳු සුරංග මහතාය.

කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු දිනිඳු සුරංග මහතා ශ්‍රීී ලංකා අන්ධජන සේවා මන්ඩලයේ සාමාජික, විෂන් ලංකා පදනමෙහි හා එක්සත් ආබාධිත පුද්ගල සුභසාධන හා සව්බලගැන්වීමේ සංවිධානයේ ජාතික සංවිධායක ( දෘශ්‍යාබාධිත ) ලෙස කටයුතු කරනා විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියා කරනා සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකි.

එම මහතා නොවැම්බර් 04 දින තම බිරිඳ සමග පස්වරු 6 ට පමණ පානදුරිින් මතුගම -කොළඹ පුද්ගලික බස්රථයකට ගොඩ වූ බවත්, තමන් බසයෙන් බසින නාගොඩ ගල්ලස්ස හන්දියට ආසන්න බස් නැවතුමේ බස්රථය නැවතූ පසු තමන් පාපුවරුවේ තුන් වන පඩිියට පා තබද්දී බසය යලි ධාවනය කල අතර එවිට තමන් බසයෙන් පිටතට වැටුණු බවද දිනිඳු මහතා පවසයි .

එම අවස්ථාවේදී බසය තුළ සිට් දිනිඳු මහතාගේ බිරිද හා අනිකුත් මගීන්ගේ කැගැසීමට බසය මීටර් දහයක් පමණ ධාවනයව නවතා ඇත. බිරිඳ බසයෙන් බසිනවාත් සමගම බසය බිම වැටී සිටි තමන් පිළිබද සොයා නොබලා යලි ධාවනය කල බවද පවසයි . එසේම බිරිඳ පැවසුවේ තමන් බසයට ගොඩව මුදල් කොන්දොස්තරට ලබා දුන්නද ඔහු ටිකට්පත් හෝ ඉතිරි මුදල් ලබා නොදුන් බවත් , තමන් බසයෙන් බැස දිනිඳු මහතා පිළිබද බලද්දී බසය යලි ධාවනය කල බවය. එම අවස්ථාවේදී තමන් කලබලයට පත්ව සිට් බැවින් බසයේ අංකයක් බලා ගැනිමට නොහැකි වුවද එවිට වෙිලාව පස්වරු 7.12 යයිද ඇය පවසයි .

ඉන්පසුව තමන් 119 හදිසි පොලිස් දුරකතන අංකයට මෙම සිද්ධීය පිළිබද පැමිණීලි කිරිමෙන් පසු 119 පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය පිළිබද විමසා පසුදා එනම් 05 තමන් කළුතර දකුණු පොල්සියේ රථවාහන අංශයට කට උත්තරයක් ලබාදුන්නේ යයිද දිනිඳු සුරංග මහතා පවසයි .

දිනිඳු සුරංග මහතා

මෙතෙක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාට කිසිදු තොරතුරක් නොලැබ ඇති බවත් තමන් වැනි විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ මතු උන්නතිය වෙනුවෙන් මෙවන් සිදුවීීම් යලි යලිත් සිදු නොවීම උදෙසා පොලීසියට , රජයේ අනිකුත් ආයතනයන් හා රයිට් ටු ලයිෆ් මානවහිමිකම් ආයතනයේ මතුගම ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ පැමිණිලි කල බවද දිනිඳු සුරංග මහතා වැඩිදුරටත් පැවසීය .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු පස්යොදුන් රට මගීහඩ සංවිධානයේ ක්‍රියාකාරීකයකු පැවසවේ මුලිකම මගී අයිතියක් වන බස් ගාස්තුව වෙනුවෙන් ටිකට්පත නිකුත් නොකිරීම , ඉතිරි මුදල නොදීම , මගී ආරක්ෂාව නොසලකා හැරීම යන වැරදි මෙම බස්රථ කාර්ය මණ්ඩලය උල්ලංඝනය කර ඇති බවත් බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ක්‍රියාත්මක විය යුතු අතර විශේෂයෙන්ම විශේෂ අවශ්‍යතා සහිත මගී ප්‍රජාව වෙනුවෙන් බස්රථ කාර්ය මණ්ඩලය කටයුතු කල යුතු ආකාරයන් පිළිබද කාර්ය මණ්ඩලයන් දැනුවත් කල යුතු බවද පැවසීය.

සටහන – කුමාර ජයසේකර

Social Sharing
නවතම පුවත්