රාවා ඇල, තළාකොලවැව පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකු මාඑළිය ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව විදුහල්පතිවරයා විසින් පසුගිය මැයි මාසයේ සිට ඔහුව වරින් වර අපයෝජනයට ලක් කර ඇති බව ඔහුගේ මව පවසයි.
මෙම සිසුවාව විදුහල්පතිවරයා විසින් වරින් වර ඔහුගේ නිල නිවසට සහ වෙනත් ස්ථාන සඳහා රැගෙන ගොස් ඔහුව ලිංගිකව අපයෝජනයට ලක් කර ඇති අතර ඔහුගේ අසාමාන්‍ය හැසිරීමක් නිරීක්ෂණය වූ බව ඔහුගේ මව පවසයි. ඇය විසින් දැනගත් තොරතුරු මත ඉකුත් ඔක්තෝම්බර් මස පොල්පිතිගම පොලීසියට පැමිණිළ්ළක් සිදු කර ඇති අතර ඒ අනුව සැකකාර විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් පළාත් කළාප කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට හා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිළි කර ඇත.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව කුරුණෑගල ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා කුරුණෑගල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.