ශ්‍රී ලංකාවේ නව පාලන ක්‍රමයක් පිහිටුවීමේ ප්‍රතිපත්තියක් ලෙස ගෙන ආ පාර්ලිමේන්තු මැතිවරණ මඟින්, අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ රටේ පාලනය වෙනස් මට්ටමකට ගෙන යාමට ලැබුණු අවස්ථාව, බොහෝ දෙනාට අලුත්ම අපේක්ෂාවක් ලබාදුන්නේය. විශේෂයෙන්ම ජනතා අයිතීන්, සාමය, සහ සමාජ සාධාරණය පිළිබඳ නව ආකල්ප ගෙන ආ පාලනයක් ලෙස “අනුරගෙ පාලනය” හැඳින්වීම සාමාන්‍යය ආකාරය විය.
නමුත්, නව ආණ්ඩුවෙහි ක්‍රියාමාර්ග කිහිපයක්ම, අන්ධානුකරණයක් සහ ප්‍රතිසංස්කරණයෙහි අසාර්ථකභාවය පෙන්වා දෙයි. කැළුම් ජයසුමන අත්අඩංගුවට ගත් අවස්ථාවට පොලිසිය විසින් කියාසිටියේ ත්‍රස්තවාදයට එරෙහි නීතිය (PTA) යටතේ බවකි. නමුත්, NPP ආණ්ඩුවේ ත්‍රස්තවාදයට එරෙහි නීති පිළිබඳ අතීත අදහස් වෙනස්ම තත්ත්වයක් දැක්වූවා. එම අදහස් සම්බන්ධයෙන් සම්මන්ත්‍රණ පවත්වා, මෙන්ම මානව හිමිකම් දිනයේදී නීතිඥයින් විසින් PTA අහෝසි කළ යුතු බවටද ප්‍රකාශ කළා.
දැන් සිදුවන්නේ කුමක්ද?
ආණ්ඩුවට පත්වීමෙන් පසු විජිත හේරත් ඇමතිවරයා ප්‍රකාශ කළේ PTA අහෝසි කිරීම අත්‍යවශ්‍ය නොවන බවත්, එය භාවිතා නොකරන බවත්ය. නමුත් දැන්, පොලිසිය කියා සිටින්නේ කැළුම් ජයසුමන හා අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ PTA යටතේ බවයි.
ප්‍රතිවිරුද්ධත්වය සහ ආර්ථිකය
ආගමික හා වාර්ගික සාමය කඩාකප්පල් කිරීමට විරුද්ධව ක්‍රියා කිරීමට රට තුළ ප්‍රමාණවත් නීති පවතින අතර, මර්ධනකාරී නීති භාවිතා කිරීම අවශ්‍ය නොවනා බවට ඕනෑ තරම් නිදර්ෂයන් ඇත. සාමය පවත්වාගෙන යාම සඳහා සමාජ හා දේශපාලන විනය ගොඩනැගීම වැදගත්ය. නමුත් එය සිදුකළ යුත්තේ ජනවිරෝධී මර්ධනකාරී බාවිතයන් හරහා නොවේ.
IMF ප්‍රතිසංස්කරණ මාර්ගය අනුගමනය කිරීමේදී අපි සතුටු වුවත්, PTA මාර්ගය අනුගමනය කිරීම හෙලා දකින්නෙමු. මෙම ප්‍රවණතාව රටට අහිතකර වන අතර, GSP සහන ලබීමේ අපේක්ෂාවන්ටත් බාධා වනු ඇත.
EU සමීක්ෂණ යටතේ GSP සහන ලබා දීමට එක් මූලික කොන්දේසියක් PTA අහෝසි කිරීම ය. එම සහන අහිමි වීම ශ්‍රී ලංකාවේ වෙළඳපල තත්ත්වයට දැඩි බලපෑම් ඇතිකරන අතර, එය රටේ ආර්ථිකයට බරපතළ පසුබැස්මක් වේ.
PTA නීතියේ පසුගිය කාලයෙදී දේශපාලන මර්ධනයට සහ අධිකාරීවාදී පාලනයට උපකාරී වුනේ ය. ඒවා ප්‍රගතිශීලී නීති ප්‍රතිරූපයට අනුරූප නොවන අතර, 87-89 කාලයේදී ජවිපෙ සාමාජිකයින්ට සිදුකල අනීතික මර්ධනයන්ගේ උදාහරණය PTA මගින් ඇති කළ තත්ත්වය ප්‍රමාණවත් ය.
කෙසේ වෙතත්, මේ ආණ්ඩුවෙහි අරමුණු හා මර්ධන නීති සම්බන්දයෙන් ක්‍රියාත්මක වීම්, ප්‍රගතිශීලී නායකත්වයකට නොගැලපෙන අතර, PTA භාවිතය අත්හරිමින්, ජනතා අයිතීන් සහ සාමය ආරක්ෂා කරන ආකාරයට ප්‍රතිසංස්කරණ අරමුණකින් ක්‍රියාකළ යුතු වේ.