පොලිසියට වැරදුනාද?

Police media statement's

වෛරී ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සිරස්තලය බරපතළ දෝෂ සහිත බව විශ්ලේෂකයන් පෙන්වාදී තිබේ.

එම නිවේදනයේ සිරස්තලය ලෙස සඳහන් කර තිබුණේ, “එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාරය සිදු කරමින් මහජනතාව නොසන්සුන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම – අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව” යනුවෙනි.

එහි සරළ තේරුම වන්නේ, එල්.ටී.ටී.ඊ සංවිධානය නමින් මහවිරු දින උත්සවයක් පැවැත්වී ඇති අතර, එය ප්‍රචාරය කළ පුද්ගලයින් මහජනතාව නොසන්සුන් කිරීමට උත්සාහ කළ බවයි.

නමුත්, එල්.ටී.ටී.ඊ සංවිධානයක් රට තුළ ක්‍රියාත්මක නොවන අතර, පැවති එම සංවිධානයේ ලාංඡන හෝ හිටපු නායකයින්ගේ ඡායාරූප ඇතුළු තහනම් ක්‍රියාවන් කිසිවක් මෙම වසරේදී ශ්‍රී ලංකාව තුළ සිදු කර නොමැත.

2018 වසරේ දී “දින 52 කුමන්ත්‍රණය” උපයෝගී කරගනිමින් පවත්වන ලද සැමරුමක ඡායාරූප සහ වීඩියෝ, 2024 නොවැම්බර් 27 දින ලෙද දක්වමින් ප්‍රචාරය කර තිබුණි.

එම සත්‍ය තොරතුරු පැහැදිලි වන ආකාරයට පොලිස් නිවේදනයේ සිරස්තලය නිවැරදිව යෙදීමට එම මාධ්‍ය අංශය අසමත් වූ අතර, සමාජයට වැරදි අදහසක් ලබා දී තිබුණි.

එම නිවේදනය පදනම් කර ගනිමින් ජනමාධ්‍යද වැරදි ආකාරයෙන් එම ප්‍රවෘත්තිය ප්‍රචාරය කර තිබුණි.

Police media statement

theleader.lk

Social Sharing
අවකාශය නවතම