2023 වසරේ රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 15%ක් සේවය කළේ රාජ්‍ය සේවයේ. මේ පිරිසෙන් තුනෙන් එකක්ම සේවය කරමින් සිට ඇත්තේ ආරක්ෂක සහ මහජන ආරක්ෂාව යන අංශ දෙකේ වීම කැපී පෙනෙනවා.
ලංකාවට සමාන ආර්ථික ව්‍යුහයක් තිබෙණ රටවල්වල රාජ්‍ය අංශයේ සේවක අනුයුක්තිය සාපේක්ෂව අඩුයි. රාජ්‍ය සේවකයින්ට හිමිවන්නේ සාපේක්ෂව අඩු වැටුපක්. නමුත්, තරමින් විශාල නිසා රාජ්‍ය සේවයේ නඩත්තුවට ලොකු වියදමක් දරන්නට රජයට සිදුවෙනවා.
මේ වියදම 2023 අවුරුද්දේ රුපියල් මිලියන 940ක්. ඒ වගේම පසුගිය දශකය ගත්තහම රජයේ වියදම්වලින් සාමාන්‍යයක් හැටියට 23%ක්ම ගිහිල්ලා තියෙන්නේ රාජ්‍ය සේවයේ වැටුප්වලට.
2023 වර්ෂයේදී, මිලියන 8 ක් වූ ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රමබලකායෙන් 15% ක පිරිසක් (ආසන්න වශයෙන් මිලියන 1.16 ක ජනතාවක්) මධ්‍යම රජය, උප ජාතික ඒකක සහ ආරක්ෂක හමුදාව ද ඇතුළත්ව රාජ්‍ය අංශයේ සේවයේ යෙදී සිටියහ. රාජ්‍ය සේවකයින්ගෙන් තුනෙන් එකක් ආරක්‍ෂක සහ මහජන ආරක්ෂාව යන දෙඅංශයේ සේවයේ නියුතුව සිටීම මෙහිදී සැලකිය යුතු කරුණකි.
ශ්‍රී ලංකාව හා සමාන ආර්ථික ව්‍යුහයක් පවතින මෙම කලාපයේ අනෙකුත් රටවල රාජ්‍ය සේවයේ නියුතු වන්නේ ශ්‍රී ලංකාවට සාපේක්ෂව අඩු සේවක සංඛ්‍යාවකි. නිදසුනක් වශයෙන්, ඉන්දියාව තම ශ්‍රම බලකායෙන් 9% ක් ද, වියට්නාමය 8% ක් ද, බංග්ලාදේශය 5% ක් පමණක් ද රාජ්‍ය අංශයේ සේවය සඳහා බඳවා ගෙන තිබේ.
රාජ්‍ය අංශයේ සේවකයින් හට සාපේක්ෂව අඩු වැටුපක් හිමි වුව ද රාජ්‍ය අංශය සඳහා රජයට අධික පිරිවැයක් දැරීමට සිදු වීමට ඉහත කරුණ හේතු වී ඇත. 2023 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 940 ක්–එනම්, රජයේ පුනරාවර්තන වියදමින් 20% ක් සහ ආදායමින් 31% ක්–රාජ්‍ය අංශයේ වැටුප් සඳහා වැය කර ඇත.
පසුගිය දශකය තුළ රජයේ වියදම්වලින් සාමාන්‍යයක් ලෙස 23% ක් වැටුප් සඳහා යොමු කර ඇති අතර, ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් වැනි වැදගත් ක්ෂේත්‍ර සඳහා වෙන් කළ හැකි අරමුදල් සීමා වී ඇත.
පර්යේෂණ : ශාලෝමි ලියනගේ සහ අනුෂන් කපිලන්, සටහන් සදිනි ගල්හේන
උපුටා ගැනීම -publicfinance.lk/theleader.lk