නීතිය නවන හබරාදුව පොලිස් ලොක්කෝ…

උණවටුන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිලංග ආරියරත්න යන අය ඔක්තෝම්බර් දාහත්වන දා සවස මාර්ගය අවහිරවන සේ මෝටර් බයිසිකලයක් නවතාගෙන සිටී පුද්ගලයෙකුට ඔහුගේ මෝටර් බයිසිකලය මාර්ගයෙන් ඉවතට ඉවත් කරගන්නා ලෙස පවසා ඇත. එහිදි මෝටර් රථ හිමිකරු විසින් පරුෂ වචනයෙන් තිලංග නැමැති යන අයට බැණ වැදී ඇති අතර ඔහු පවසා ඇත්තේ ඔහු පොලිස් නිලධාරියෙකු බවයි.

මෙම සිද්ධියෙන් පැය භාගයකට පමණ පසු හබරාදුව පොලිස් ස්ථානාධිපති ජීප් රථයෙන් පැමිණ ඔහුව හබරාදුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් පහර දී රිමාන්ඩ් කර ඇත. මොහුගේ බිරිඳ පොලිස් ස්ථානය වෙත ගිය අවස්ථාවේ එහිදී තිලංග යන පුද්ගලයා සිය බිරිඳට පවසා ඇත්තේ ඔහුට පොලිසීයෙන් ඔහුගේ යටි බඩට හා බෙල්ලට පහර දුන් බවයි. මොහුට පෙර සිටම බෙල්ල ප්‍රදේශයේ අපහසුතාවයක් පවතින බැවින් මොහු ඒ සඳහා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන ඇති බැවින් මොහුගේ බිරිඳ පොලිස් නිලධාරීන්ට මේ බව දන්වා ඇත. එමෙන්ම ස්ථානාධිපති ඔවුන්ට දන්වා ඇත්තේ පසු දින ඔහුව උසාවියට ඉදිරිපත් කරන බවයි.

මොහුව උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති නමුත් පොලිස් ස්ථානයෙන් මොහුට පහර දුන් බව හා මෝටර් රථයේ සිටි පුද්ගලයා බීමත්ව සිටි බව යන ප්‍රකාශය සටහන් කිරීම ප්‍රතිෂේප කොට ඇත. එමෙන්ම ඔහුගෙන් මෙම ප්‍රකාශයට ස්ථානාධිපතිවරයා අත්සනක් ලබාගෙන ඇති අතර නැවත ස්ථානාධිපතිවරයා මොහුට මත්ද්‍රව්‍ය හෝ බෝම්බයක් දමන බව පවසමින් තර්ජනය කිරීමක් සිදු කළ බවට මොහුගේ බිරිඳ පවසයි. එමෙන්ම පොලිස් පහරදීම් හමුවේ ඇතිවූ ආබාධ මත මොහුව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේවන විට ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට හා නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලයට දැනටමත් පැමිණිළි කර ඇත.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව ගාල්ල ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.

ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය- 0775161702

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය

0112-669100

Social Sharing
අවකාශය නවතම