අම්පාර පාසල් සිසුන් මිය යාමට අදාලව මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළ පරිදි සැකකරුවන් සමන්තුරෙයි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඉකුත් 26 වනදා පැවති ගංවතුර තත්ත්වය මත බස් රථ ධාවනය අඩාල වී ඇති වටපිටාවක පාසල් නිමවී සිසුන්ට නිවෙස් බලායෑමට පැවතී අසීරු තත්ත්වය හමුවේ විදුහල්පතිවරයා විසින් එම ට්‍රැක්ටර් රථයෙන් යන ලෙසට උපදෙස් ලබාදී මුදල් ද ලබාදී ඇති බවට වාර්තා වේ. මෙවන් පසුබිමක පැවති අවදානම් තත්ත්වය මත ට්‍රැක්ටර් රථයෙන් දරුවන් ප්‍රවාහනය නොකරන ලෙස හමුදාව එහිදී උපදෙස් ද ලබාදී ඇති බවට වාර්තා වේ.

එහිදී සිසුන් 11 දෙනෙකු සමග ට්‍රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළී ගොස් තිබූ අතර එම අවස්ථාවේ සිසුන් 11 දෙනාගෙන් 6 දෙනෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති අතර අනෙක් සිසුන් 5 දෙනා දිවි බේරාගෙන ඇත. මෙලෙස අතුරුදන් වී තිබුණේ වයස අවුරුදු 12ත් 16ත් අතර වයස්වල පසුවන සිසුන් දෙනෙකි.

මේ වනවිට සිසුන් 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර තවත් එක් සිසුවෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ. ඊට අමතරව ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.

Social Sharing
නවතම පුවත්