බටහිර දංගෙදර ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ගිහාන් එෂාන් කෞෂල්‍ය යන අයගේ මින් වසර 12කට අධික පැරණි මිනී මැරුම් හා මත් ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයතු දෙකක් තවමත් උසාවියේ විභාග වෙමින් පවතියි. එම නඩු දෙකටම අදාලව වාර දෙකක දී වරෙන්තු දෙකක් ද නිකුත් කර ඇත. ඒ අනුව ඔක්තෝම්බර් මස 11 වන දා එම වරෙන්තු දෙක සඳහා වාර දෙකහිදීම පෙනී නොසිටීම මත ඔහුගේ නිවසට ගාල්ල පොලිස් අපරාධ හා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් 20ක් පමණ පැමිණ ඔහුගේ නිවස වටකර ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සහා කළ අවස්ථාවේ දී අපරාධ අංශයේ ස්ථානාධිපති වන ආනන්ද නම් නිලධාරියා විසින් ගිහාන් යන අයට පහර දී ඇත. එම අවස්ථාවේ දී එහි සිටි අනෙකුත් නිලධාරීන් 10ක් පමණ ඔහුව වටකරමින් පහර දුන් බව ඇයගේ මව පවසයි.
එම පහර දීම් නිසාවෙන් ඔහුට නැගී සිටීමට අපහසුතාවයක් ඇති වී ඇති අතර මෙම නිලධාරීන් විසින් ඔහුගේ අත් සහ පාවලට මාංචූ දමා ඔහුව ඔසවාගෙන ජීප් රථයට දමාගෙන පොලිසීයට රැගෙන ගොස් ඇත. ඔහුගේ මව වන ක්‍රිෂාන්ති කොඩිතුවක්කු යන අය ඔහුව බැලීමට පොලිස් ස්ථානය වෙත ගිය අවස්ථාවේ ඔහුට සහසික ලෙස පහර දී කථා කිරීමට හා ඇවිදීමට නොහැකිව සිටින අයුරු මෙන්ම ඔහුගේ දකුණු පාදයේ දණහිස ද ඉදිමී තිබෙන අයුරු දැක ඇත.
ඒ අනුව 14 වන සඳුදා දින ඔහුව උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව 16 වන බදාදා දින කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත්තේ ඔහුගේ සිරුරට දැණුනු අපහසුතාවය මතය. රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ පාදයට ගල් ප්ලාස්ටරයක් යොදා සිකුරාදා දින සිට නැවත බන්ධනාගාර ගත කර ඇති අතර ඔහු මේ වන විටත් බන්ධනාගාර ගතව සිටින බවට වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂන් සභාවට දැනටමත් පැමිණිළි කර ඇත.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව ගාල්ල ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් සඳහා ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.
ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය- 0776969880
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය
0112-669100
සටහන – චේතනා ගෝමිස්