අනුරවාදයට, ජවිපෙ දේශපාලනය අභියෝගයක්ද?

Anurasim Technocratic socialism

ජවිපෙ දේශපාලනය සහ ලාංකික තාක්ෂණික පංතියේ (technocratic class) අභිලාෂයන් අතර ගැටීමක් ඇතිවිය හැකිද?

ජවිපෙ දේශපාලනය පිලිබදව කතා කිරීම කාලෝචිත වන්නේ ජවිපෙ දේශපාලන දෟෂ්ඨිය මේවන විට ආන්ඩුවේ දෘෂ්ඨිය හසුරුවන ප්‍රධාන බලවේගයක් වීම නිසාය. ජවිපෙ දෟෂ්ඨිය අපට බලපාන්නේ ආන්ඩුවේ ක්‍රියාවන් අපගේ ජීවිතයට හා අනාගත බලාපොරොත්තු වලටද බලපාන නිසාය.

නමුත් මෙවර ජනතාව චන්දය ලබා දුන්නේ අනුරවාදයට මිස ජවිපයට නොවේ. මාගේ තේරුම් ගැනීමට අනුව Anurasim කියන්නේ ප්‍රායෝගිකත්වය (pragmatism) මත පිහිටුවනු ලැබු දේශපාලනයයි.

Anurism විසින් මේවන විට අනුගමනය කරමින් සිටින IMF වැඩපිලිවල  එහිලා දැක්විය හැකි හොදම උදාහරණය වන්නේය. Anurism සමග සමපාත වන්නේද Anurism හි පැවැත්ම හෝ නොපැවැත්ම රඳා පවතින්නේද ජාජබය සමග අත්වැල් බැදගත් මෙරට උගත් තාක්ෂණික පංතිය(technocratic class) මිස ජවිපෙ නොවේ.

එසේම ලංකාවේ අනාගතය රැඳෙන්නේද Anurism සහ මෙම තාක්ෂණික පංතියේ දේශපාලනික ඒකාබද්ධතාවය මිස Anurism සහ ජවිපෙ දේශපාලන දෟෂ්ඨියේ ඒකාබද්ධවීම මත නොවේ.

අනුර ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවන්නේ මෙම තාක්ෂණික පංතියේ ආභාෂය තුලිනි. අනුරගේ එම ජයග්‍රහණය පෙරලා මාලිමාවට පාර්ලිමේන්තු ජයග්‍රහණය ගෙනවිත් දුන්නේය.

ඒ අනුව කියන්නට වන්නේ අනුර හා මෙරට උගත් තාක්ෂණික පංතිය නොවන්නට ජවිපෙ ජයග්‍රහණයක් සිදු නොවන බවය.

ජවිපෙ වර්තමාන දේශපාලන දෟෂ්ඨිය තවමත් රටට පැහැදිලි කරදී නොමැත්තේය.  පුරවැසි අපට ඒ පිලිබදව දැනීමක් අවශ්‍යවී තිබෙන්නේය. එසේ නොදැනීම අපට අපගේ අනාගතය පිලිබදව කාංසාවක් ඇති කොට තිබේ.

ජවිපෙ දෟෂ්ඨිය Anurism සමග අනුගතවී ක්‍රියා කරන්නේද එසේ නොමැති නම් Anurism සමග අභිමුඛ වන්නේද යන්න පිලිබදව අදහසක් අපට අවශ්‍යව තිබෙන්නේය.

මක් නිසාද යත් අනුරගේ සහ තාක්ෂණික පංතියේ දේශපාලනයට ජවිපෙ දෘෂ්ඨියේ අනාගත ගමන් මග අතිශයෙන් තීරණාත්මක වන නිසාය.

කෙසේ නමුත් මේ වන විටත් මතුවෙමින් පවතින ඇතැම් රෝග ලක්ෂණ මගින් පෙන්නුම් කරන්නේ ජවිපෙ දෘෂ්ඨියක් කියා යම් දෙයක් පවතින්නේ නම් එය Anurism සමග අභිමුඛ වන්නට නියමිතව තිබෙන බවය.

ලංවිම වෟත්තීය සමිති නායක ජයලාල් සහෝදරයාගෙන් මුවින් පිටවෙන වචන නියෝජනය කරන්නේ එවන් අදහසකි.

පසුගිය මහමැතිවරණයේදී දිස්ත්‍රික්ක ගනනාවක තාක්ෂණික පංතිය නියෝජනය කරමින් තරඟ වැදුන අපේකෂකයන් ගනනාවකට පාර්ලිමේන්තුව මගහැරීමට හේතුවු කරුනු නිරීක්ෂනය කරන කල්හි ද පැමිණිය හැකි එක් අනුමිතයක් වන්නේද එවැනි අභිමුඛ වීමකි.

එසේම මෙවර පාර්ලිමේන්තුවට තෙරී පත්වු ජාතික ජනබලවේගයේ මන්ත්‍රි සංයුතිය තුල සිටින ජවිපෙ නියෝජනය කරනු ලබන මන්ත්‍රී වරුන්ට අමතරව සිටින තාක්ෂනික පංතිය නියෝජනය කරන්නාවු මන්ත්‍රීවරුන් යම් හෙයකින් ජවිපෙ දේශපාලනික දෘෂ්ඨිය වැළඳ ගැනීම තුල සිදුවිය හැක්කේද ජවිපෙ දේශපාලනය Anurism සමග අභිමුඛවීමේ අවධානමයි.

ඉහත කී ප්‍රවණතා කීපය තුලින්ම දිස්වන මුලික දේශපාලනික සිද්ධාන්තය වන්නේ ජවිපෙ දේශපාලනය විසින් ජාජබ තුල නියෝජනය කරන මෙම තාක්ෂනික පංතිය දිය කොට හැරීමේ අවධානමක් පවතින බවය.

නමුත් අපට අනුව අනුර ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතියේ පැවැත්මට මෙම තාක්ෂණික පංතියේ පැවැත්ම හෝ නොපැවැත්ම තීරණාත්මක වන්නේය.

එසේම අනුර ජනාධිපතිවරයා සමඟ සිටගත් මෙම තාක්ෂණික පංතියේ පැවැත්ම රටේ අනාගතයට අතිශය තීරණාත්මක වන්නේය.

නමුත් ජවිපෙ විසින් දේශපාලනිකව මෙම තාක්ෂණික පංතිය දෙස බලන්නේ බල දේශපාලනික අර්ථයෙන් බව පැහැදිලිය. ඔවුනට අනුව එම පංතිය වැදගත් වුයේ සංක්‍රමණික දේශපාලන සාධකයක් ලෙසට පමණක් බව පෙනේ.

වෙනත් වචන වලින් කියනවා නම් ජවිපෙ විසින් රට තුල නැගී එන තාක්ෂණික පංතිය කියවා ගන්නේ තාවකාලික මිතුරු බලවේගයක් ලෙසටය.

ලෙනින්ගේ සමයේදී ලෙනින්ගේ කොමියුනිස්ට් පක්ෂය එවකට සමාජයේ ජීවත්වු සුළු ධනේෂ්වර පංතිය පිලිබදව දරනු ලැබුවේද මීට සමාන ආකල්පයකි. ( ලෙනින්-ප්ලැකනව් සාකච්ඡා)

එවකට ලෙනින් පවසා තිබුනේ සුළු ධනේෂ්වර පංතිය සමාජ පංතියක් ලෙස මුලිනුපුටා දැමිය යුතු බවය.

ලෙනින් එදා සිතා සිටි අයුරින් ක්‍රියා කිරීමට ලෙනින්ටද නොහැකිවුයේය. නමුත් එසේ සිතමින් ක්‍රියා කරන්නට ගොස් අවසානයේදී මර්ධක නිලධාරී තන්ත්‍රයක් සෝවියට් දේශය තුල ගොඩනැගුනේය.

ජවිපෙ අද චින්තනය එදා ලෙනින් සිතු දෙයට වඩා හාත්පසින්ම වෙනස් වන්නට පිලිවන. නමුත් ලෙනින් සිතු ලෙසටම තමන්ට බලය ලබා දුන් සමාජ ධාරාවක් දේශපාලනිකව නිශ්ක්‍රිය කිරීමට යෑම එතරම් මනෝඤ ක්‍රියාවක් නොවන්නේය.

සැබෑ ලෙස ගත් කල 3% ජන අනුමැතියකට සීමා වී තිබුන ජවිපෙය අද පෙන්වමින් සිටින දැවැන්ත ජන අනුමැතිය ලබන්නේ මෙරට වෙසෙන තාක්ෂණික මැද පංතියට පින් සිදු වන්නටය.

එය අකා මකා දැමීමට යාම තමන්ට ජයග්‍රහණය අත්කර දුන් අනුරවාදයට  (Anurism ) පිටු පෑමක් වන්නා සේම රටේ අනාගතයෙද එල්ලවිය හැකි බරපතල අභියෝගයක් බව අපගේ විශ්වාසය වන්න්ය.

ශිරාල් ලක්තිලක

ශිරාල් ලක්තිලක

Social Sharing
අවකාශය නවතම විශේෂාංග