සංචාර වීසා මගින් ප්‍රංශයට සහ බෙල්ජියමට යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් රුසියානු හමුදාව විසින් යුක්රේනයට එරෙහි යුද්ධය සඳහා බලහත්කාරයෙන් සම්බන්ධ කරගෙන ඇති බවට එම තරුණයන්ගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කර ඇත.
රුසියාවට සංචාර වීසා මඟින් ගොස් ප්‍රංශයට ඇතුළු වීම සඳහා තම පුත්‍රයා විශාල මුදලක් ගෙවා ඇති බව එක් තරුණයකුගේ මවක් හෙළිකර තිබේ. ඒ අනුව එම මව පවසා ඇත්තේ ඔවුන් රුසියාවට ගිය පසු, හමුදාපතිවරයා මෙම කණ්ඩායම රැගෙන ගොස් හුදකලා ප්‍රදේශයක නවත්වා ඇති බවත් පසුව ඔවුන්ව ඔහුගේ කඳවුරට රැගෙන ගොස් තිබෙන බවයි. පසුව ඇය ඒජන්සියෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ මෙය සාමාන්‍ය ක්‍රියාවලියක් බවත් ඔවුන් රුසියානුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි. ඒ අනුව ඇයගේ පුතා ඇතුළු යාපනයේ තරුණයන් හය දෙනෙක් පමණ රුසියාවේ අතරමං වී ඇති බව පවසා ඇත. එමෙන්ම භාෂා ගැටලුවක් හේතුවෙන් ඔවුන්ව යුද්ධයකට බඳවා ගන්නා බව නොදැන එම තරුණයන් රුසියානුවන්ගේ වෛද්‍ය පරීක්‍ෂණ වැනි අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කර ඇති බව ඇය වැඩිදුරටත් හෙළි කළාය.
තරුණයාගේ ගමන් බිමන් සලසා දුන් නියෝජිතායතනය රුසියානුවන්ගේ අවශ්‍යතාවලට අනුකූලව නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවන ලෙස තරුණයන්ට දිගින් දිගටම උපදෙස් ලබාදී ඇති බව මෙම කාන්තාව සඳහන් කර ඇත. තවත් තරුණයකුගේ මවක් පවසා ඇත්තේ දින 12කින් තම පුතුගෙන් කිසිදු තොරතුරක් නොලැබුණු බවයි. ඔහු විසින් නිකුත් කරන ලද අවසන් කටහඬ පණිවිඩයෙන් පෙන්නුම් කරන්නේ ඔහු යුද පෙරමුණු ප්‍රදේශයකට යවා ඇති බවයි.
රුසියානු-යුක්‍රේන ගැටුමේ දී සටන් කිරීමට හිටපු යුද හමුදා සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් ගණනාවක් වංචනික ලෙස යැවීමේ ගැටලුවකට ශ්‍රී ලංකාව පසුගිය වසරේ මුහුණ දුන් අතර යුක්රේනයට එරෙහි ගැටුමේදී කුලී හේවා කණ්ඩායම් ලෙස සටන් කිරීම සඳහා හිටපු යුද හමුදා සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු රුසියාවට යවා තිබූ ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරම් පිළිබඳ හිටපු රජය විසින් අනාවරණය කරගෙන තිබිණි.