ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට 2018න් පසු බඳවා ගැනීම් කර නෑ.

Fishermen's Pension Scheme

2018 වර්ෂයෙන් පසු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා කිසිදු ධීවර කාර්මිකයකු බඳවාගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය හයකින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව 2016 වර්ෂයේ නොවැම්බර් මසෙන් පසු ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාපිත උපදේශක කාරක සභාව මේ දක්වා රැස්වී නොමැති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වන විට වසය අවුරුදු 60 ඉක්ම වූ විශ්‍රාම වැටුප ලැබීමට සුදුසුකම් ඇති ධීවරයන් සංඛ්‍යාව 24,187 ක් වන අතර ධීවර විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය ප්‍රදානය කර නොතිබූ බව ද මෙම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වන විට වයස අවුරුදු 60 ඉක්ම වූ විශ්‍රාම වැටුප ලැබීමට සුදුසුකම් ලැබූ ධීවරයන් සංඛ්‍යාව 31.146කි. මින් ධීවර කාර්මිකයන් 5,549 දෙනෙකු එකවර දායක මුදල් ගෙවා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී ඇත. මෙම යෝජනා ක්‍රමය සඳහා මේ වනවිට දායක වී සිටින ධීවරයන් සංඛ්‍යාව 64,117 කි. ඒ අනුව වයස අවුරුදු 18 සහ 59 අතර වියේ පසුවන ධීවර කාර්මිකයන්ට මෙකී යෝජනා ක්‍රමයට දායක වීමට හිමිකම් ඇත.

ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ධීවරයන් ආකර්ෂණය කරගැනීම සඳහා මෙම වර්ෂය තුළදී ධීවර අමාත්‍යාංශය හා ඒකාබද්ධව නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. වයස අවුරුදු 60 සම්පුර්ණ වන දායකයන්ගේ ලැයිස්තු දිස්ත්‍රික් කාර්යාල මඟින් ලබාගෙන ධීවර කාර්මිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කොට ඇති බව ද මෙකී යෝජනා ක්‍රමයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

Social Sharing
අවකාශය නවතම