2023 වසරේ පළමු මාස නවය ඇතුළත එනම් ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ කාලයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් යන පළමු මාස නවය තුළ ශ්‍රී ලංකාවේ බදු ආදායම රුපියල් බිලියන 2,918.3 දක්වා එනම් ප්‍රතිශතයක් ලෙස ගත්කළ 39%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශයේ වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව මෙරට අයවැය හිඟය 40%කින් පහත වැටී ඇති බවට එම වාර්තාවේ සඳහන්ව ඇති අතර බදු ආදායම අයවැයේ 40%කින් පියවා ගැනීමට ප්‍රමාණවත් වුවද බදු එකතු කිරීම් අසාමාන්‍ය ලෙස ඇතැම් මාසවල උච්චාවචනය වී තිබෙන බවට ද වාර්තා වේ. රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 229.7ක් දක්වා එනම් 30%කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව මෙම වසරේ මුල් මාස නවයෙහි එනම් ජනවාරි සිට සැප්තැම්බර් මස දක්වා මුළු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.3%ක් පමණ වූ අතර එය පසුගිය වසරේ 7.6%ක් විය. ශ්‍රී ලංකාවේ මේ වසරේ අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයේ ආදායමෙන් 13% ඉලක්ක කරයි.
ශ්‍රී ලංකාවේ හිඟය පවතින අයවැයේ ජංගම ගිණුමේ හිඟය රුපියල් බිලියන 516.3 කි. එය ප්‍රතිශතයක් ලෙස 58%කින් පහත වැටී ඇති අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.6%ක් පමණ වේ. එමෙන්ම ප්‍රග්ධන වියදම 14% කින් ඉහළ ගොස් ඇති අතර එය රුපියල් බිලියන 463.2ක් වේ. මෙරට ක්‍රමයෙන් ආර්ථික අර්බුදයෙන් පිටතට පැමිණෙමින් පවතින අතර ව්‍යාපෘති මූල්‍යකරණය අවසානයේ ප්‍රග්ධන අයවැය පුළුල් කිරීමට මේ සමඟ අවස්ථාව සැලසී ඇත. මේ වසරේ ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 784.9ක අතිරික්තයක් වූ අතර එය පසුගිය වසරේ රුපියල් බිලියන 123.8ට වඩා වැඩි වී ඇත. උද්ධමන අනුපාත කප්පාදුවක් සිදු නොකරන තාක් කල් මුදල් ස්ථාවරත්වය පොලී අනුපාතිකය අඩු කළ හැකි අතර, වැටුප් බිල ඉහළ යා හැක.
සමස්ත වියදම නාමික වශයෙන් 4%කින් රුපියල් බිලියන 3,897.8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.5% සිට 12.4% දක්වා අඩු වි ඇති අතර මධ්‍යම රජයේ ණය 2023 වසරේ 100.6% සිට සැප්තැම්බර් මස වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 91.6%ක් වී ඇත.