විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමයේ සංශෝධන ඇතුළු ව්‍යවස්ථා සංශෝධන ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ මාරු කිරීම තහනම් කිරීමට කටයුතු කිරීම සිය සංවිධානයේ තවත් යෝජනාවක් බව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය පැවසීය.
හිටපු කතානායකවරයා ඒ බව සඳහන් කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ නව වෙබ් අඩවිය Midpoint.lk ජනගත කිරීම වෙනුවෙන් කිරුළපන පිහිටි එම ව්‍යාපාරයේ මූලස්ථානයේ පැවති උත්සව සභාවක් අමතා අදහස් දක්වමිනි.
දැවැන්ත ජනවරමක් සහිතව තේරී පත්වූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට සිය සුබ පැතුම් එක් කළ හිටපු කතානායකවරයා, ආණ්ඩුකරණයක් සඳහා වූ සිය ව්‍යාපාරයේ දස වැදෑරුම් යෝජනා ඉතා ඉක්මනින්ම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
ආණ්ඩු පිහිටුවීමට හෝ ආණ්ඩු පෙරලීමට සිය ව්‍යාපාරය කිසිදු අවස්තාවක සම්බන්ධ නොවන බව අවධාරණය කළ කරු ජයසූරිය, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජනතාව තෝරා පත්කර ගන්නා ඕනෑම ආණ්ඩුවක් සමග කටයුතු කිරීමට සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය ඇප කැප වී සිටින බව ද සිහිපත් කළේය.
සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර MidPoint වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරන අතර තුෂල් විතානගේ සිංහල වෙබ් අඩවියේ සංස්කාරකවරයා ලෙස ද, රාම් කුමාර් දෙමළ වෙබ් අඩවියේ සංස්කාරකවරයා ලෙස ද, සරෝජ් පතිරණ ඉංග්‍රීසි වෙබ් අඩවියේ සංස්කාරකවරයා ලෙස ද කටයුතු කරති.