මෙවර මාලිමාව පාර්ලිමේන්තුව ප්‍රභල වෙන්නේ දුර්වල විපක්ෂයක පිහිටෙන්ය. මෙවර මැතිවරණයේදී භාවිතා වුන වලංගු ඡන්ද සංඛ්‍යාව දල වශයෙන් 65% බව පෙන්.
ඒ අනුව බලන කල ගියවර ජනාධිපතිවරයේදී ඡන්දය භාවිතා කල ඡන්ද දායකයන්ගෙන් දල වශයෙන් ලක්ෂ 15 පමන ඡන්ද දායකයනි තම ඡන්දය දැමීමෙන් වැලකී ඇති බව පෙනේ.
එමගින් පෙන්වන්නේ ලක්ෂ 15 සිට ලක්ෂ 20 පමණ වු මෙරට පුරවැසියන් පවතින තත්වය හා ක්‍රමය විශ්වාස නොකරන බවය. ලක්ෂ 15 -20 ක අඩුවක් අනුපාත චන්ද ක්‍රමයට ඉහල බලපෑමක් සිදු කරනු ලබන්නේය.
ඒ අනුව බලන කල සැම දිස්ත්‍රික්කයකින්ම දල වශයෙන් චන්ද 68,000 ක් පමන චන්දය අඩුවෙන බව අනුමාන කල හැකිව තිබේ. එහි ප්‍රතිපලය විය හැක්කේ එම අඩුවීම තුලින් කුමන හෝ පක්ෂයකට ලැබෙන්න නියමිතව තිබු එක ආසනයක් සෑම දිස්ත්‍රික්කයකින්ම ඒ ඒ පක්ෂ වලට අඩු වන්නට නියමිත බවය.
එවැනි තත්වයකදී වැඩි වාසිය මාලිමාව දෙසට යොමුවීම නොවැලැක්විය හැකි තත්වයකි. මාලිමාව පසුගිය චන්දයෙදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවම මෙවරත් එම චන්ද දායකයන් භාවිතා කර ඇත් නම් (එනම් 42%) සහ එම ප්‍රතිශතයට අනුව ලැබෙන්නට තිබු ආසන සංඛ්‍යාව 105 මෙවර මැතිවරණයේදී ඉතා ඉහලට ගමන් කරනු නිසැකය.
එනම් එම අගයට ඉහත කී අඩුවන ආසන 22 එකතු කලහොත් මෙවර මැතිවරණයේදී මාලිමාවට ආසන 127 ක පමන ආසන්න වීමේ සම්භාවිතාවක් තිබෙන බව කිව හැක.
එවැනි තත්වයක් විපක්ෂය අත්කරගන්නා දරුණු පරාජයකි. විපක්ෂයට මෙහෙම අනාථ භාවයක් ලැබෙන්නේ ඒ පක්ෂ මෙවර ඡන්දයෙදි මනාපයට පමනක් වැඩ කිරීමේ ප්‍රතිපලයක් ලෙසටයි. සතුරු සටන් පාඨයක් නැතිව අනාථ වී තිබුනු මාලිමා දේශපාලන සටන් පාඨ වලට විකල්ප පණිවුඩයක් ජනතාවට ලබා දෙන්න සියළු විපක්ෂ කණ්ඩායම් සමත් වුනේ නැහැ.
ජනාධිපතිවරනයේදී විපක්ෂය සමග හිටගත් 58% වු මෙරට චන්ද දායකයාගේ අපේක්ෂා සියළු විපක්ෂ කන්ඩායම් විසින් අනාථ කරනු ලැබු බව පමනක් කිව යුතුව තිබේ.
අපට ශක්තිමත්, දුරදක්නා නුවණක් සහිත දේශපාලනික විපක්ෂයක් තිබුනා නම් මෙවැනි ප්‍රතිපලයක් අත්නොවන්නට ඉඩ තිබුන බව කිව යුතුව තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙරටට අතිශය වැදගත් වටිනාකමක් සහිත සංකල්පයක් බව අවිවාදිතය. ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්ක නම් ප්‍රභල විපක්ෂයක් රටකට අවශ්‍ය වන්නේය.
නමුත් මෙවර මැතිවරනයෙදී අපේ විපක්ෂය ස්ව කැමැත්තෙන් සිරිසඟබෝ චරිතයට රගපෑ බව කිව යුතු අතර ලක්ෂ 15 ක චන්ද දායකයාගේ විශ්වාසය බිදෙන්නේ එහි ප්‍රතිපලයක් ලෙසටය.
විපාක්ෂික ඡන්ද දායකයාට ශක්තිමක් ප්‍රතිපත්තිමය විකල්පයක් නොමැති බව ඒ ඒ පක්ෂ විසින්ම තමන්ගේ පණිවුඩය හා ක්‍රියාකාරීත්වයෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. එහි ප්‍රතිපලය වනේ ඡන්ද දායකයා ඡන්දපොලෙන් ඉවත්වීමයි.
දැන් මේ විපක්ෂය පාර්ලිමේන්තුවට යාවි. ගිහිල්ලා බොරු සද්ද දමමින් තම තමන්ගේ රැකියාව හා වරප්‍රසාද භුක්ති විදින්නට කටයුතු කරාවි. අපිව අන්දන්න කටයුතු කරාවි. අපේ ගැලවුම් කරුවන් ඔවුන් යයි අපට ඒත්තු ගන්වන්න හදාවි.
ඒ සියල්ල තම තමන්ගේ ආත්මාර්ථකාමී අපේක්ෂාවන් සපුරා ගනීමට පමනක් බව නම් කිව යුතුව තිබේ. නමුත් ඇත්ත කතාව නම් විපක්ෂයේ මෙම බොරුව සමාජය තුල විවෘතව කතා කල යුතු මට්ටමකට පැමිණීමයි. එම නිසා විපක්ෂ මතධාරී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රරවැසියන් පලමුව සිදු කල යුත්තේ අපේ රටේ විපක්ෂය සුද්ද කිරීමයි කියලයි මම හිතන්නෙ.