ECPAT ශ්‍රී ලංකා සංවිධානය යනු ළමුන් ලිංගික සූරාකෑම අවසන් කිරීම අරමුණු කරගත් සිවිල් සමාජ සංවිධානයකි. ඔවුන් විසින් 2024 අගෝස්තු මස නිකුත් කළ මාධ්‍ය අධීක්ෂණ වාර්තාව මඟින් පෙන්නුම් කරන පරිදි ළමා අපයෝජන ශ්‍රී ලංකාව තුළ තීරනාත්මක ගැටලුවක්ව පවතී. මෙම විශ්ලේෂණය දරුවන්ට බලපාන විවිධ ආකාරයේ ප්රචණ්ඩත්වයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙන අතර ගැටලුවේ පුළුල්භාවය අවධාරනය කරයි.
2024 අගෝස්තු මාසයේදී ළමා අපචාරවලට ගොදුරු වූ ළමුන් 108ක් සම්බන්ධ සිදුවීම් 94ක් මාධ්‍ය ආවරණය හරහා වාර්තා වි ඇත. මෙම සිද්ධීන් විවිධ ආකාරයේ අපයෝජනයන් දක්වා විහිදෙන අතර, ඒ සෑම අපයෝජනයක්ම පාහේ දරුවන්ගේ යහපැවැත්මට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.
වාර්තා වී ඇති අන්දමට දරුවන් මුහුණ දුන් අපයෝජනයන්ගෙන් බොහෝමයක් අපයෝජන ලිංගික අපයෝජන වන අතර ළමුන් 51 දෙනෙක් සහ එවැනි සිදුවීම් 41ක් වාර්තා වී ඇත. එමෙන්ම ශාරීරික අපයෝජන සිදුවීම් 16ක් මෙන්ම ශාරීරික අපයෝජන සඳහා මුහුණදුන් දරුවන් 24 දෙනෙක් වාර්තා වී ඇත. නොසලකා හරින ලද ළමුන් 10 දෙනෙකුත් එවැනි අවස්ථා 12 ක් ද වාර්තා වී ඇත. එමෙන්ම පැහැර ගැනීමේ සිද්ධීන් 04ක් සහ එම සිද්ධීන් සඳහා මුහුණ දුන් ළමුන් 04ක් ද වාර්තා වේ. එමෙන්ම වෙනත් ආකාරයේ සියදිවි නසා ගැනීම් සිදුවීම් 05ක් ද මිනිමැරුම් 03ක් ද චිත්තවේගීය අපයෝජනයන්, අතුරුදහන් වූ දරුවන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීම් ද ඇතුළත් වේ.
මෙම වාර්තාවලට අනුව ගැහැණු ළමුන් 53% ක් සහ පිරිමි ළමුන් 38%ක් සහ නිශ්චිත වශයෙන් ලිංගිකත්වය හඳුනා නොගත් ළමුන් 9%ක් ද වාර්තා වේ. මෙම සංඛ්‍යා දත්ත මඟින් සමාජීය අපකීර්තිය සහ වෙනත් බාධක හේතුවෙන් බොහෝ සිද්ධීන් වාර්තා නොවීමට ඉඩ ඇති අතර, සියලුම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හරහා ළමුන්ගේ අනාරක්ෂිත බව ඉස්මතු කරයි.
මෙම බොහෝමයක් අපරාධවලින් 64.89%ක් තනි පුද්ගල අපරාධකරුවන් විසින් සිදු කර ඇති අතර කණ්ඩායම් වශයෙන් විසින් සිදු කරන ලද අපරාධ 24.47% කි. එමෙන්ම පවුලේ සාමාජිකයන්ගේ හෝ සමීපතයන් මඟින් සිදුවී ඇති අපයෝජන සිද්ධීන් 12.04කුත් සම වයසේ මිතුරන්/පාසල් මිතුරන් මඟින් වාර්තාවන සිද්ධීන් ප්‍රමාණය 7.41%ක් ද ආගන්තුකයන් මඟින් සිදුවූ අපරාධයන් 5.56% ක් ද වාර්තා වේ.
බොහෝමයක් අපයෝජන සිදු වී ඇති ස්ථාන ලෙස වාර්තා වී ඇත්තේ නිවාස වලදීම වන අතර ඒ අනුව ළමුන් 26ක් (24.07%) වාර්තා වේ. එමෙන්ම අසල්වාසී ස්ථානවල දී අපයෝජනයන්ට ලක් වූ ළමුන් 24 දෙනෙකුත් එවැනි සිදුවීම් 21ක් ද වාර්තා වේ. අධ්‍යාපන ආයතන වලදී අපයෝජනයන්වලට මුහුණ දුන් ළමුන් 27ක් ද වාර්තා වේ.
එමෙන්ම භූගෝල ව්‍යාප්තිය ලෙස ගත්කළ අපයෝජනයන් රැසක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර සිද්ධින් 11ක් ද ළමුන් 14ක් අනුරාධපුර හා කළුතර දිස්ත්‍රික්කයෙන් සිදුවීම් 10 බැගින් ද වාර්තා වේ. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ළමුන් 07 දෙනෙක් ද වාර්තා වේ.
2024 වසරේ අගෝස්තු මාසයේ සිදුකළ සොයාගැනීම් අනුව ශ්‍රී ලංකාවේ ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳ පැහැදිළි කරයි. මෙම වාර්තාවලට වාර්තා නොවු සිදුවීම් රැසක් අපකීර්තීය මත අපයෝජන සිදුවීම් අඩු වශයෙන් වාර්තාකරණ වී ඇත. මෙම දත්ත තුළින් ළමුන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට අඛණ්ඩව සුපරීක්ෂාකාරීව කටයුතු කිරීමේ ඇති හදිසි අවශ්‍යතාවය පිළිබඳව ඉස්මතු කරයි.