නව රජයේ අගමැති සහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.

නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.

අමාත්‍යංශ 21කට අදාළව පත්වූ අමාත්‍යවරු හා ඔවුන්ගේ අමාත්‍යංශ පහත සඳහන් වේ.

අගමැති – ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපන අමාත්‍ය – ආචාර්ය හරිනි අමරසූරිය
විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍ය – විජිත හේරත්
අධිකරණ රාජ්‍ය ඒකාබද්ධතා අමාත්‍ය – හර්ෂණ නානායක්කාර
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය – සරෝජා පෝල්රාජ්
කෘෂි කර්මාන්ත, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය – කේ. ඩී. ලාල් කාන්ත
නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස සංවර්ධන අමාත්‍ය – අරුණ කරුණාතිලක
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – මහාචාර්ය චන්ද​න අබයරත්​න
ධීවර, ජලජ සම්පත් ස​හ සාගර සම්පත් අමාත්‍ය – රාමලිංගම් චන්ද්‍රසේකරන්
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය – ආචාර්ය උපාලි පන්නිලගේ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය – සුනිල් හඳුන්නෙත්ති
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය – ආනන්ද විජේපාල
ප්‍රවාහන, මාහාමාර්ග, සිවිල් ගුවන්සේවා, වරාය අමාත්‍ය – බිමල් රත්නායක
බුද්ධ ශා​සන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – මහාචාර්ය හිනිදු​ම සුනිල් සෙනෙවි
සෞඛ්‍ය හා ජ​නමාධ්‍ය අමාත්‍ය – වෛද්‍ය නලින්ද ජයතිස්ස
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය – සමන්ත විද්‍යාරත්න
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය – සුනිල් කුමාර ගමගේ
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා ස​හ සමූපකාර සංවර්ධන අමාත්‍ය – වසන්ත සමරසිංහ
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය – මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන
කම්කරු අමාත්‍ය – මහාචාර්ය අනිල් ජයන්​ත
බලශක්ති අමාත්‍ය – කුමාර ජයකොඩි
පරිසර අමාත්‍ය – වෛද්‍ය ධම්මික පටබැඳි

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

Social Sharing
අවකාශය නවතම පුවත්