නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා
පාරේ ගමන් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍ය නොවන බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසා සිටියි. ඒ අනුව සිවිල් යුධ සමයේ දී ජාතික ආරක්ෂාව උදෙසා පාරේ ගමන් කිරීමට ජාතික හැඳුනුම්පත සන්තකයේ තබා ගැනීම අවශ්‍ය වූව ද පාරේ ගමන් කිරීමේ දී ජාතික හැඳුනුම්පත සන්තකයේ පැවතීම අවශ්‍ය නොවන බව මෙතුමා තවදුරටත් පවසා සිටියි.
1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 (ඌ) වගන්තියට අනුව ඕනෑම ස්ථානයක ගමන් කිරීමේ නිදහස සෑම පුරවැසියෙකුටම පවතින බව සඳහන් වී ඇති අතර එම වගන්තියට අනුව කිසිදු ස්ථානයක ජාතික හැඳුනුම්පත සහිතව ගමන් කළ යුතුය යන්නෙන් සඳහන් වී නොමැති හෙයින් පාරේ ගමන් කිරීමට ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍ය නොවන බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසා සිටියි.
ඒ අනුව මෙතුමා පවසා සිටින්නේ හදිසි අවස්ථාවක පොලිස් නිලධාරියෙකු ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටින අවස්ථාවක තමාගේ නම, පදිංචි ස්ථානය හා රැකියා ස්ථානය පිලිබඳව කරුණු ලබා දීම ප්‍රමාණවත් බවයි. ඒ අනුව ජාතික හැඳුනුම්පත සන්තකයේ නොමැති වීම මත පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කළ නොහැකි බවත් එළෙස අත්අඩංගුවට ගැනීම වරදක් බවත් මෙතුමා පවසා සිටියි. එමෙන්ම පොලිස් නිලධාරියෙකු තමාගෙන් ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටින අවස්ථාවක ඒ පිලිබඳව පොලිසියෙන් ප්‍රශ්න ඇසීමක් කළ හැකි බව මොහු තවදුරටත් පෙන්වා දෙයි.
ඒ අනුව ජාතික හැඳුනුම්පත නොමැති වීම මත යම්කිසි පොලිස් නිලධාරියෙකු විසින් යම් පුද්ගලයෙක්ව අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමක් සිදුකළ හොත් එම පුද්ගලයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වීමක් සිදුවන බැවින් ඒ පිළිබඳව නීතිමය පියවර ගැනීමට හැකියාවක් පවතින බව මහනාමහේවා මහතා පෙන්වා දෙයි.