රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ටෙස්ලා අධිපති ඊලොන් මස්ක්ට (Elon Musk) ලබා දීමට අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරණය කර ඇති බව වාර් තා වේ.
නව ජනාධිපතිවරයා විසින් එම දෙපාර්තමේන්තුව නම් කර ඇත්තේ “රාජ්‍ය කාර්යක්‍ෂමතා දෙපාර්තමේන්තුව” (Department of Government Efficiency) යනුවෙනි.
ටෙස්ලා සහ ස්පේස් X සමාගම්වල ප්‍රධාන විධායකයා වන ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකේ. ඔහු සතු ධනයේ වටිනාකම ඩොලර් බිලියන 263ක් ලෙස සඳහන් වේ. ඊලොන් මස්ක් තවත් ලෝක ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන හිටපු රිපබ්ලිකන් ප්‍රාථමික අපේක්ෂක විවේක් රාමස්වාමි සමඟ එක්ව එම දෙපාර්තමේන්තුවට නායකත්වය දෙනු ඇති බව ට්‍රම්ප් විසින් විදේස් මාධ්‍ය වෙත පවසා තිබුනි. විවේක් රාමස්වාමි 2024 ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිට, පසුව එම තරගයෙන් ඉවත්වූ තැනැත්තෙකි.
රජයේ වියදම් කපා හැරීමට, රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම, රජයෙන් පිටත සිට උපදෙස් සහ මගපෙන්වීම් ලබා ගැනීම ඇතුළු කටයුතු රාශියක් සිදු කිරීමට මෙම නව දෙපාර්තමේන්තුව හරහා සිදු කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා බලාපොරොත්තු වේ.