තාජුඩීන්, ලසන්ත ඝාතනය කරලා, එක්නැලිගොඩ අතුරුදහන් කරලා දැන් සිල් ගත්තා වගේ ඉන්න සියලු දෙනාට කාලයේ වැලිතාලාවෙන් යටගිය අපරාධ කරපු සියළු දෙනාට දඩුවම් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ අදහස් ප්‍රකාශක කලේ පෙරේදා (9) අනුරාධපුර මහජන ක්‍රිඩාංගනයේ පැවති ජන රැලියක් අමතමිනි. එහි දී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ “මේ පරීක්ෂන සදහා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ හැකි නිලධාරීන් පත් කර තිබෙන බවත් අපරාධකරුවන්ට දඩුවම් ලැබෙන රජ්‍යයක් බවට මේ රට පත් කරන බව පවසා තිබුනි.
මේ අතර ඊයේ පැවති ජනහමුවකට සහභාගී වූ ජනාධිපතිවරයා පවසා සිටියේ සියළුම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා පියවර ගැනීමට තමන් සූදානම් බවයි. එමෙන්ම, රජය පවරාගෙන ඇති උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් යළි පවරාදීම පිළිබඳවද සැලකිල්ලට භාජනය කර ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාතික ජන බලවේගය විසින් වව්නියාවේ ඊයේ (10) සංවිධාන කර තිබූ ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කර තිබුනි.
“අපේ රට හැම අතින්ම බෙදිලා තියෙන රටක්. හැබැයි අපේ රටට ඉස්සරහට යන්න බැහැ මෙහෙම බෙදිලා. අපේ ප්‍රධාන අපේක්ෂාව මේ සියලු බෙදීම් අවසන් කරන්න ඕන. එකතු කරන්න නම් මොකක්ද වෙන්න ඕනේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහ නායකයින් ඉන්න එක ව්‍යාපාරයක් හදන්න ඕනේ. අන්න ඒ ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය.දෙමළ භාෂාව කතාකරන ජනතාව තුළ අපේ ක්රියාකාරීත්වයේ අඩුවක් තිබුණා. ඒ නිසා ඒ ජනතාව පරණ පක්ෂ තෝරාගත්තා. හැබැයි සැප්.21 වැනිදා මොකක්ද වුණේ? NPP එක ජයගෙන ඒ ජනතාව තුළ විශ්වාසයක් හැදුවා. මං හිතනවා ඒ ජයග්රහණයෙන් වැඩිම උද්දාමයට පත්වුණේ උතුරේ ජනතාව. ඔවුන් අවදි වෙන්න පටන් ගත්තා. කොච්චරද කියනවා නම් අනෙක් පක්ෂවල අයටත් කියන්න වෙලා තියෙනවා දිනුවට පස්සේ මාලිමාවේ ආණ්ඩුවට යනවා කියලා… යැයි ඔහු එහි දී ප්‍රකාශ කර තිබුනි.