අමෙරිකාවේ පළමුවරට කාර්ය මණ්ඩල ප්‍රධා­නියාගේ තනතුර කාන්තාවකට

අමෙ­රි­කාවේ නව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධා­නියා ලෙස ඔහුගේ මැති­ව­රණ ප්‍රචා­රක සටනේ වැඩි බරක් දැරූ සුසී විල්ස් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇය ඔහුගේ මැති­ව­රණ ප්‍රචා­රක අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස මෙවර කට­යුතු කළ බව වාර්තා වේ.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ උපායමාර්ගික මැති­ව­රණ ප්‍රචා­රක මෙහෙ­යුම් නිල­ධා­රි­නි­යක ලෙස අත්දැ­කීම් බහුල 67 හැවි­රිදි සුසී විල්ස් ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධා­නියා ලෙස පත්වූ පළමු කාන්තාව ලෙස අමෙ­රි­කානු ඉති­හා­ස­යට එක්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමී­ප­තම මිතු­රි­යක වන සුසී විල්ස් 2016 වසරේ සිට ඔහුගේ මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු මෙහෙයවූ අතර, මෙවර මැති­ව­ර­ණ­යේදී ඔහුගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් විශාල කාර්ය­භා­ර­යක් ඉටු කිරීම හේතු­වෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොමඳ පැස­සු­මට ලක්වී සිටි­යාය.

 

Social Sharing
පුවත් විදෙස්