2024 නොවැම්බර් 14වැනි දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය පවසන පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙසේ නිවාඩු ලබා දී ඇති අතර මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව, සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් ඇතුළු සියලු දෙනා දැනුවත්කර තිබේ.
ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල්, 12වැනි දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට නියමිත අතර නැවත පාසැල් ආරම්භ වන්නේ නොවැම්බර් 18 සඳුදා දිනයේයි.