47 වන ඇමරිකානු ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සදහා පැවැත් වූ ඡන්ද වීමසීමෙන් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තරග කළ 78 හැවිරිදි හිටපු ජනාධිපතිවරයෙකු වූ ඩොලඩ් ට්‍රම්ප් මහතා ජයග්‍රහණය කර තිබේ.
මෙහි දී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඡන්ද 50.8% ක (72,631,585) ප්රථිශතයක් ලබාගෙන ඇති අතර Electoral College 294 දිනා ගෙන තිබේ. ඔහුගේ ප්‍රතිවාදිනිය ලෙස තරග වැදුනු කමලා හැරිස් ඡන්ද 47.5% (67,905,773) ඇති අතර Electoral College 223 දිනා ගෙන තිබුනි. ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණයෙන් ජයග්‍රහණ කිරීමට අපේකෂකයෙකු Electoral College 270ක් දිනා ගත යුතුය.
ඒ අනුව, ඩොලඩ් ට්‍රම්ප්ට පහසු ජයක් ලැබී තිබේ. ඇමරිකානු උප ජනාධිපතිවරිය ලෙස කටයුතු කරන කමලා හැරිස් පරාජය කිරීමත් සමගම ට්‍රම්ප් විසින් ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රබල කාන්තාවන් දෙදෙනෙකු මේ වන විට පරාජයට පත් කර තිබේ.
මින් පෙර 2016 වසරේ දී ට්‍රම්ප් සමග තරග කළ හිලරි ක්ලින්ටන් පරජය කරනු ලැබූ අතර, ඇය ට්‍රම්පට වඩා වැඩි ජන්දයක් ලබාගෙන සිටිය අවශ්‍ය ප්‍රමාණයට Electoral College ප්‍රමාණය දිනා ගත නොහැකි වීම නිසා ට්‍රම්ප්ට පරාජය වී තිබුනි.