මානව හිමිකම් ආරක්ෂකයින්ගේ උද්දේශන හැකියාව පුළුල් කිරීමේ වැඩමුළුවක්..

2024 නොවැම්බර් මස 6 සහ 7 යන දෙදින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබූ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ උද්දේශන හැකියාව ශක්තිමත් කිරීමේ වැඩමුලු  සඳහා අයිතිය උදෙසා මාධ්‍යවේදීන් , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානවල සම්බන්ධීකාරකවරුන්ගේ සහභාගීත්වයෙන් කටුනායකදී පවත්වනු ලැබුණි.

මෙහිදී මූලික වශයෙන් මානව හිමිකම් උද්දේශන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කළ අතර, වැඩමුළුවෙහි සම්පත් දායකයින් ලෙස මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ මහතා, නීතීඥ දුලාන් දසනායක මහතා, සුරංජන් ප්‍රසාද් රණසිංහආරච්චි මහතා, නුවන් ධනංජය මහතා, රශ්මිකා විජේසිංහ මෙනවිය සහ සමීර ධනංජය මහතා සම්බන්ධ විය. “‍රයිට් ටු ලයිෆ් ආයතනය අවුරුදු 22 ක් මුලුල්ලේ උද්දේශන ක්‍රියාවලිය සම්බධයෙන් කටයුතු කරන අතර එය තවදුරටත් පුලුල් ලෙස තාක්ෂණය භාවිත කරමින් වැඩිදියුණු කිරීම මූලික අරමුණ බව”, මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ මහතා පවසන ලදී. උද්දේශනය සහ ක්‍රියාදරවාදය හඳුන්වාදෙමින් මානව හිමිකම් ක්‍රියාලියට එය භාවිත කළ හැකි අකාරය පිළිබඳ ඒ මහතා වැඩිදුරටත් සාකච්ඡාවට ලක් කරන ලදී.

Social Sharing
අවකාශය නවතම