වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණුකර තිබු නඩුව අද දින (6) නිශ්ප්‍රභා කිරීමට කුරුණෑගල මහේස්ත්රාත්තුමා විසින් තීරණය කර තිබේ.
මෙම නඩුවට අදාල ප්‍රමාණවත් සක්ෂි නොමැති බව නීතිපතිවරයා විසින් ප්‍රකාශ කිරීම මත මෙසේ මෙම නඩුව නිශ්ප්‍රභා කිරීමට හේතු වී ඇත.
2019 මැයි 23 වන දින දිවයින පුත්පතේ ප්‍රධාන සිරස්තලයක පලවූ “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන මැයෙන් පළවූ ප්‍රවෘත්තිය පසුව ගර්භාෂ යුද්ධය නමින් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ප්‍රචලිත වූ මෙම සාකච්ඡාව සමාජ ගත විය.
නමක් ගමක් නොමැතිව පළවූ දිවයින පුවතින් පසු කුරුණෑගල රෝහලේ අධ්යක්ෂ සරත් වීරබණ්ඩාර ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට මෙම චෝදනාව ආරෝපණය කර, ඔහුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින ලදී.
එම ඉල්ලීමෙන් පසුව මව්වරුන් පිරිසක් පැමිණිලි ඉදිරිපත් කරනු ලැබූ අතර, එම පැමිණිලි මත කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ එවකට ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටි වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන තිබුනි.
අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මෙම සිද්ධිය ගැන සිදු කෙරුණු සංවාදයක් සදහා වෛද්‍ය සාභිද සහභාගී වූ අතර, මේ සිද්ධිය සම්බන්ධව වෛද්‍ය සාෆි සිදුකළ ප්‍රකාශයක් පහත දැක්වේ.